IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවේ විශාලතම ජල විදුලි බලාගාරය කැරැලිකරුවන් අතට

ඩමැස්කස් අගනුවරට උතුරින් පිහිටි සිරියාවේ විශාලතම ජල විදුලි බලාගාරය සහ වේල්ල අල්ලා ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (12) සමත් වූහ.
බලාගාරය අල්ලා ගැනීමට කැරැලිකරුවන් සමත් වූයේ එහි ආරක්ෂාවට සිටි සිරියානු හමුදා සෙබෙළුන් සමඟ පැය කිහිපයක් සටන් කිරීමෙන් පසුවය.
විදුලි බලාගාරය අල්ලා ගැනීමට හැකිවීම, කැරැලිකරුවන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් යැයි කැරැලිකරුවන්ට සහාය පළ කරන සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි.
මේ අතර සිරියාවේ ඩමැස්කස් අගනුවර දක්වා දිවෙන ප‍්‍රධාන අධිවේගී මාර්ගය සහ ගුවන්තොටුපොළක් අල්ලා ගැනීමටද කැරැලිකරුවෝ සමත් වූහ.
සිරියානු අර්බුදය දිනෙන් දින උත්සන්න වෙයි. සිරියාවේ හටගෙන ඇති සිවිල් යුද්ධය හේතුවෙන් 68,000 කට වැඩි පිරිසක් ජීවත්ක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය.
පසුගිය සතියේ ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති ඉස්ලාමීය සහයෝගිතා සමුළුවේදී ඊට සහභාගී වූ මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූයේ  සිරියානු අර්බුදය විසඳීම කෙරෙහිය.



අදහස් (0)

සිරියාවේ විශාලතම ජල විදුලි බලාගාරය කැරැලිකරුවන් අතට

ශීලා Wednesday, 13 February 2013 10:16 AM

රටේ හැම අවුරුද්දෙම ඡන්දය තිබිලත් මෙතුමා කොහොමද මෙහෙම ඉන්නේ? (නි)

:       0       0

පද්මා Wednesday, 13 February 2013 10:17 AM

ඉතින් මේචචර මිනිස්සු අකමැති නම් ඇයි අයින් නොවෙන්නේ? (නි)

:       0       0

පාර්වතී Wednesday, 13 February 2013 10:18 AM

කැරලිකාරයින්ට ආයුධ දෙන්නෙ ඇමරිකාවද? (නි)

:       0       0

සපිරි Wednesday, 13 February 2013 11:57 AM

අපිටත් ආයුධ දෙන්නේ මෙයාලමද දන්නෙ නැහැ? (නි)

:       0       0

ලක්ෂමන් Wednesday, 13 February 2013 12:05 PM

ඇමරිකාව හා බටහිර රටවල් ආක්‍රමනය කරන වැඩ මෙවිවා.(නදී)

:       0       0

සුදීර Wednesday, 13 February 2013 12:19 PM

මේ ජනාධ්පතිට ආයුද දෙන්නේ රුසියාවද.(නදී)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 13 February 2013 01:01 PM

ඔක්කොම කරන්නේ බල තන්හාවටනේ.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site