IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට

සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර සිරියානු මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයේ කටයුතු කළ මේසා සබ්‍රීන්ය.

බැංකු කේෂ්ත්‍රයේ වසර 15 කට වඩා අත්දැකීම් ඇති මේසා සබ්‍රීන්ට සිරියානු බැංකු පද්ධතිය අධීක්ෂණය කිරීමේ කටයුතු මිට පැවැරී තිබිණි. ඩමස්කස් විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් වන සබ්‍රීන් සහතික ලත් රාජ්‍ය

ගණකාධිකාරීවරියකි. එසේම ඇය 2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට මහා බැංකුව නියෝජනය කරමින් ඩමස්කස්  සුරැකුම්පත් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.

සබ්‍රීන් සිරියානු මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරියක ලෙස සහ කාර්යාල පාලන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබිණි. 2021 වසරේ සිට සිරියානු මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ මොහොමඩ් ඉසාම් හසිම් වෙනුවට මේසා සබ්‍රීන් මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත.

එවකට ජනාධිපති බෂාර් අල් අසාද් විසින්  2021 වසරේදී මහා බැංකු අධිපති ධුරය සඳහා මොහොමඩ් ඉසාම් හසිම් පත්කරනු ලැබ තිබිණි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site