සිරියාවේ නිරිත දිග දමැස්කස් හී ගුවන් හමුඳා කඳවුරක දැවැන්ත පිපිරුමක් සිදු ව ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල හමුදා මෙම ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි ද එම වාර්තාවල දැක්විණි.
සිරියාවේ දමැස්කස් නුවරින් කිලෝමීටර අටකට අඩු දුරකින් පිහිටි මෙසේහ් හමුදා ගුවන් තොටුපොළට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇත. රොකට් ප්‍රහාර හේතුවෙන් විශාල ගින්නක් ඇති වී ඇතැයි ද තුවාලකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
පලස්තීනයට අයත් එහෙත් ඊශ්‍රායල ජනාවස පිහිටි ගලිලී මුහුද ආසන්නයේ පිහිටි ස්ථානයට සිට මෙම රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි හමුදා අණ දෙන නිලධාරියකු උපුටා දක්වමින් සිරියානු රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේය.
මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව ද, සිරියානු හමුදා තවදුරටත් ප්‍රකාශ කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර
හුසේන් මොහමඩ් -රියාද් Wednesday, 18 January 2017 04:17 AM
ලෝකේ භයානකම ත්‍රස්තවාදියා ඊශ්‍රාලයයි. ඔවුන්ට ඕනෑම රටකට පහරදෙන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නැහැ. අවශ්‍ය වෙන්නේ, ත්‍රස්තවාදීන් යැයි ලේබලය ඇලවීම පමණයි. මිනිස් ජීවිත තුට්ටුවකටවත් ගණන් නොගන්නා ජාතියක්. (නි)