සිරියාවේ දිනෙන් දින උත්සන්න වන ගැටුම් හේතුවෙන් මියගිය ගණන 65,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව කියා සිටියේ සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ මානව හිමිකම් සංවිධාන ලබා ගත් වාර්තා පාදක කර ගනිමිනි.
මාස 21 ක් තිස්සේ පවතින සිරියානු අර්බුදය විසඳීමට නව සාම යෝජනාවලියක් හඳුන්වා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කළ නව සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි සූදානම් වී සිටී.
සිරියානු අර්බුදය විසඳීමටත් ගැටුම් නැවැත්වීමටත් එම නව සාම යෝජනාවලියට හැකිවේවි යැයි බ‍්‍රහීමි විශ්වාසය පළ කර ඇත.
බ‍්‍රහීමිගේ එම නව යෝජනාවලියට සිරියානු රජයේත් විපක්ෂ කන්ඩායම්වලත් සහාය පළ වී ඇතැයි ද වාර්තා වේ.
බ‍්‍රහීමි පවසන අන්දමට මීළඟ බැ?රුම් කාර්යය ඒ සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනුමැතිය ඊට ලබා ගැනීමය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්ය. රුසියාවේත් චීනයේත් සහාය හිමි වන්නේ සිරියානු රජයටය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියාවේ ගැටුම්වලින් මරණ 65,000 ට නගී
සම්පත් Friday, 04 January 2013 01:08 PM
කාගේ කැමැත්තට වෙන දේවල්ද මේ (ස)
ලහිරු Friday, 04 January 2013 01:37 PM
දෙවියන්ගේ කැමැත්තනේ සම්පත්. (නි)