IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය පනී

සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙරේදා (25) එළිදැක්වූ නවතම වාර්තාවක දැක්වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව සකස් කර ඇත්තේ සිරියානු කැරැුලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියා විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන්ගෙන් ලබා ගත් දත්ත පාදක කර ගනිමිනි.
මේ අතර සිරියා කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්ව පිහිටුවා ගත් දේශපාලන හඬ ලෙස ලෙස ද සැලකෙන ‘සිරියා ජාතික පාලක මණ්ඩලය’ වෙනුවෙන් එහි නායක අහ්මද් අසීස් අල් ජාර්බා ඊයේ (26) ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළේ තවත් ප‍්‍රමාද නොකර තමන් අවි ආයුධ ලබා දෙන බවටය.
සිරියා රජයේ හමුදා, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සිරියා නගරය එකිනෙක මුදා ගැනීමේ සටන් මේ වනවිට ආරම්භ කර ඇති අතර කැරැුලිකරුවන් දරුණු ලෙස පසුබැසීමකට ද ලක් සිටින බව වාර්තා වේ.
කැරැුලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින නගර මුදා ගැනීමට සිරියා රජයේ හමුදාවට හැකි වී ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය නිල වශයෙන් ‘සිරියා ජාතික පාලක මණ්ඩලය’ සිරියානු ජනතාවගේ සැබෑ හඬ ලෙස පිළිගෙන ඇත. සිරියානු රජය චෝදනා කරන්නේ ඇමෙරිකාව දැනටමත් සිරියානු කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දී ශක්තිමත් කරන බවය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සිරියා අර්බුදයට සම්බන්ධ වී සිරියානු රජයට සහාය දීම මගින් සිදුවන්නේ සිරියානු අර්බුදය තව තවත් උත්සන්න වීම යැයි පවසමින් යුරෝපා සංගමය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණයට ඉරානයේ විරෝධය පළ වී ඇත. ඉරානයේ සහාය හිමි වන්නේ ද සිරියානු රජයටය.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලනික සංවිධානයක් ද වෙයි.
සිරියා සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පවසා ඇත.



අදහස් (0)

සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site