IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරියාවේදී පැහැර ගැනුණු එ.ජා. සාම භටයන්ට නිදහස

සිරියාවේ ඊශ‍්‍රායල දේශසීමාව අසල ගෝලාන් කඳුකරයේ දී ඉකුත් බ‍්‍රහස්පතින්දා (7) පැහැර ගැනුණු එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 21 ක් දෙනා මුදා හැරීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (10) පියවර ගත්හ.
එම භට කණ්ඩායම කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට හසු වූ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන සිරියානු ජාතික පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේ තම භට කණ්ඩායම වහා නිදහස් කරන ලෙසටය.
කෙසේ නමුත් කැරැලිකරුවෝ එම ඉල්ලීමට ක්ෂණික ප‍්‍රතිචාරයක් නොදැක්වූහ. සාම සාධක භට කණ්ඩායම මුදා හැරීමට කැරැලිකරුවන් පියවර ගෙන ඇත්තේ ඔවුන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසුවය.
භට පිරිස රඳවා තබා ඇත්තේ ජාමල්ලා නමැති ගම්මානයේය. ඊයේ එම පිරිස දේශසීමා හරහා ජෝර්දාන බලධාරීන්ට බාර දුන් බව ද කැරැලිකරුවෝ වැඩි දුරටත් කියා සිටියහ.
 සාම සාධක භට කණ්ඩායම සිරියා ජනපති බෂීර් අල් අසාද්ට සහාය දක්වන බවට සැක පහළ වී ඔවුන් අත්අඩංගුවට ගත්තේ යැයි සිරියානු කැරැලිකරුවෝ වැඩි දුරටත් කියා සිටිති. 
සිරියාවේ සිවිල් යුද්ධයට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් සිරියානු කැරැලිකරුවන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරීන් අතර අර්බුදයක් හටගත් පළමු අවස්ථාව මෙයයි.



අදහස් (0)

සිරියාවේදී පැහැර ගැනුණු එ.ජා. සාම භටයන්ට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site