
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එම භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් අල් බෂීර්ට හිමිවිය.
මොහොමඩ් අල් බෂීර් ලබන මාර්තු පළමු වැනිදා දක්වා භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර, මාර්තු පළමු වැනිදා මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව බෂීර් සිරියානු ජාතික රූපවාහිනිය ඔස්සේ සිරියානු වැසියන් අමතමින් පැහැදිලි කර ඇත.
වසර 13 ක් තිස්සේ සිරියාවේ සිවිල් යුද්ධය පැවැති අවස්ථාවේදී, විපක්ෂය ඔවුන්ගේ පාලනය යටතේ ඇති පලාත් සියල්ල එක් කර ගනිමින් ‘විමුක්ති ආණ්ඩුව’ යන නමින් රජයක් පිහිටුවාගෙන තිබුණි. එම රජයේ නායකයා ලෙස කටයුතු කළේ ද මනා පරිපාලන දැනුමක් ඇති මොහොමඩ් අල් බෂීර්ය.
2025 ඔක්තෝබර් මස 08
1484
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියාවට භාරකාර රජයක්