IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සිරියාවට පහර දෙන්න නේටෝව සූදානම්

සිරියා රජයේ හමුදා යළිත් වරක් තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කළහොත් සිරියාවට පහර දීමට තමන් සූදානමින් සිටින බව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව අනතුරු අඟවයි. සිරියාවේ අසල්වැසියා වන තුර්කිය නේටෝ සාමාජිකයෙකි. ඉකුත් සති අන්තයේ සිරියා රජයේ හමුදා එරට කැරැුලිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් සහ මෝටර් ප‍්‍රහාරයක් තුර්කි මායිම් ගම්මානවලට පතිත විය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන ආයුධ සන්නද්ධ කැරැුලිකරුවන් සටන් මෙහෙයවන්නේ තුර්කි/සිරියානු දේශසීමාවේ සිටය. සිරියා රජයේ හමුදා පහර දෙන්නේ එම කැරැුලිකරුවන් ඉලක්ක කර ගනිමින්ය. සිරියා රජයේ හමුදා සහ කැරැුලිකරුවන් අතර උතුරුදිග දේශසීමා ප‍්‍රදේශයේ මේ වනවිටත් දරුණු ගැටුම් පවතී. සිරියාවත් තුර්කියත් අතර හටගත් එම අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් පෙරේදා (9) බ‍්‍රසල්ස් නුවරදී පැවැත්විණි.         ”සිරියාවෙන් එල්ල වූ ප‍්‍රහාරය හමුවේ තුර්කිය ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම ප‍්‍රසංශනීයයි. ඒත් සිරියා රජයේ හමුදා දිගින් දිගටම තුර්කියට පහර දෙන්නේ නම් අප එය ඉවසා සිටින්නේ නැහැ. සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් ආරම්භ කරනවා” යැයි සමුළුව අමතමින් නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆොග් රස්මුසෙන්  පැවැසීය. නේටෝ සාමාජික රටකට කිසියම් රටක් ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමට නේටෝවට නෛතික අයිතියක් ඇත. ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල් තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කරන තත්ත්වයට සිරියා රජය පත් කර, තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සලස්වා, නේටෝව හරහා සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙනවා යැයි චීනයත් රුසියාවත් ඉරානයත් චෝදනා කරයි. මේ වනවිට තුර්කි/සිරියා දේශසීමාවේ තුර්කි රජය සමඟ එක් වී නේටෝ හමුදාව යුද අභ්‍යාසයක් ද ආරම්භ කර ඇත. සිරියාව සමඟ යුද්ධ කිරීමට තමන් ද පැකිළෙන්නේ නැතැයි තුර්කි අගමැති රිසෙප් ටයියිප් එර්ඩෙගෝන් ද අනතුරු අඟවා තිබේ. බටහිර බලවේග සිරියාවත් තුර්කියත් අතර ඉතා සූක්ෂම ආකාරයට ‘විරසකයක්’ නිර්මාණය කර ඇති බවටත්, සිරියාවට ප‍්‍රහාරයක් දීමට නේටෝව තුර්කිය දඬමීමා කරගෙන ඇති බවටත් ඉරානය චෝදනා කරයි. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ඉරානයේත් රුසියාවේත් චීනයෙත් අදහස වී ඇත. සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කීපයකදී යෝජනාවලීන් සම්මත කර ගැනීමට උත්සහ ගත් විට ඊට එරෙහි වූයේ චීනය සහ රුසියාවය.නේටෝ මහ ලේකම් රස්මුසෙන්



අදහස් (0)

සිරියාවට පහර දෙන්න නේටෝව සූදානම්

වෙනුර Thursday, 11 October 2012 10:48 PM

නේටෝව මුලින්ම ගහන්න ඕනෑ ඇමෙරිකාවට. (නි)

:       0       0

ලාල් Thursday, 11 October 2012 05:48 PM

සිරියාවටත් කන්න තමයි වෙන්නේ (නි)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 01:46 PM

ඌරගේ මාළු ඌරගේ ඇගේ තියන්ම බටහිරකාරයෝ කපන්න හදන බව පේනවා (ස)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 01:49 PM

ඇමරිකාවට පුළුවන්නම් අසල්වැසි පුංචි කියුබාවට පහර දෙන්න බැරි ඇයි (ස)

:       0       0

විමල් Friday, 12 October 2012 09:04 AM

යුද්දය නම් එපා

:       0       0

ශලිනි Friday, 12 October 2012 09:12 AM

ඇමරිකාව කියුබාවට ගහන්නෙ මොකටද?බැණ ගන්නවා මිසක් ගහ ගන්න දෙයක් එතන නැහැනෙ.සිරියාව ගැන චීනයටයි,රුසියාවටයි අමාරුව තියෙන්නෙ සිරියාව ආයුධ මිලදී ගන්නෙ ඒ රට වලින් නිසා..ඔච්චර ඇම්මක් තියනවා නම් සිරියාවට කියන්න බැරියැ අනිත් රට වලට පහර එල්ල කරන්න එපා කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1828 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site