IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සිරියාවට පහර දෙන්න ඇමෙරිකාව සූදානම්

රසායනික අවි භාවිතා කර පහර දී අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන බවට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට චෝදනා කරමින්, සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව සැරැසෙයි.

ඇමෙරිකාව සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන්නේ නම්, තමන් ඇමෙරිකාවටත් ඇමෙරිකා හමුදාවටත් සහාය දෙන බව  ඊශ‍්‍රායලය කියා සිටී. එරට නියෝජිත කණ්ඩායමක් ඊයේ (27) ධවල මන්දිරයේදී ජනපති ඔබාමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

සිරියානු රජය රසායනික අවි භාවිතා කරමින් අහිංසක සිවිල් වැසියන් මරා දමන බවට ඇමෙරිකා රජය චෝදනා කරන්නේ ඉකුත් 21 වැනිදා, සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරු නගර කිහිපයකට එල්ල වූ සෙරීන් විස වායු ප‍්‍රහාරය හේතුවෙනි.

එම විස වායු ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 1,700 ක් ජීවිතක්ෂයට පත්වූහ. 4,000 ක් රෝගී වූහ. ඒ අතර සිටින බොහෝ දෙනා කුඩා දරුවෝය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කියා සිටියේ එය මහා මානව සංහාරයක් කියාය.

විස වායු ප‍්‍රහාරයට සිරියානු රජය වගකිව යුතු යැයි කියමින්, එරටට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමෙන් වළකින්නැයි සිරියානු රජයේ හිතවතුන් වන ඉරානයත් රුසියාවත් ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත.

ඇමෙරිකාව සිරියාවට එරෙහිව පහරදීමක් කළොත් ඉරානය ඊට මැදිහත් වුවහොත් එය නිමිත්තක් කර ගනිමින් ඊශ‍්‍රායලය ඇමෙරිකාව සමඟ එක් වී ඉරානයට පහර දෙනු ඇතැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 



අදහස් (0)

සිරියාවට පහර දෙන්න ඇමෙරිකාව සූදානම්

ජෝන් Wednesday, 28 August 2013 12:20 PM

ඇමරිකාවට ජයවේවා! (නි)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 02:43 PM

චමිල, හීනෙන් බය වෙලා වගේ. මට පේන විදිහට කතාවෙන් ඔයාගේ නම චමිල වෙන්න බැහැ. (ස)

:       0       0

රසික - ඕමාන් Wednesday, 28 August 2013 03:33 PM

සෞදි අරාබියේ කොන්ත්‍රාත්තුව ඉටුකරන්න.බටහිරයන් ලෑස්තිවෙලා.සිරියාව ෂියා මුසල්මානුවන් නිසා. (ස)

:       0       0

චමත් Sunday, 01 September 2013 08:01 AM

ඇත්තටම සිරියාව රසායනික අවි පාවිච්චි කළා කියලා ඔප්පු වුනොත් නම් ගහන්න තියෙන්නේහොද පැඩමක් ඉගෙන ගන්නම. ඕවගේ රටවල් ලෝකෙට පිළිලයක්. (නි)

:       0       0

චමිල Wednesday, 28 August 2013 10:53 AM

ඇමරිකාවට ගැසිය යුතුයු. නැතිනම් ලෝකයටම විනාසයක්. ඇමරිකාව ලෝක සිතියමෙන් අයින් කල යුතුයි. (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 28 August 2013 11:06 AM

පුළුවන් ඉක්මනින් ලෝක යුද්ධයක් එන්න ඕන. ලෝකේ දියුණු කියන මිනිස්සු අනිත් ජවනිකාව බලන්න ? (ස)

:       0       0

කුමාර් Wednesday, 28 August 2013 11:12 AM

පළමු හා දෙවන ලෝක යුධ දෙකේදී ඇමෙරිකාව ලක්ෂ ගණන් ජීවිත පූජා කරලා බිලියන 5000 ට වඩා වියදම් කරලා මිනිස් සමාජය හා ලෝකය බේරගන්න සටන් කළා මතක නැද්ද? ඇමෙරිකාව තිබුනේ නැතිනම් අද ලෝකය පැසිස්ට්වාදය යට. (නි)

:       0       0

රූපවතී Thursday, 29 August 2013 12:00 AM

චමිල, ඔයා වැඩිය කෑගැහුවොත් මම ඔයාගේ ගේ මැදිවෙලා තියන හරිය ටික රවුමට කෑල්ලම ලෝක සිතියමෙන් මකලා දමනවා (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 11:24 AM

උතුරු කොරියාවට ගහන්න ගිහිල්ලා ලැජ්ජා වෙලා ශේප් වුනා. ඒ පාර ආයේ සිරියාවෙන් කන්න වගේ හදන්නේ රුසියාව. ඉරාන සපෝට් එක සිරියාවට තියෙන නිසා සිරියාව බය නැහැ (නි)

:       0       0

උදය Wednesday, 28 August 2013 05:16 PM

කුමාර්, දෙවන ලෝක යුද්ධය කියන්නේ ආසියාවට සහ අෆ්රිකාවට ආශීර්වාදයක්. හිට්ලර් ආසියාවට වත් අෆ්රිකාවටවත් ගැහුවේ නැහැ. එය ගැහුවේ යුරෝපයේ හිටිය අනෙක් ජාතීන්ව මිලේච්ච ලෙස ගාතනය කරමින් හිටිය එංගලන්තයට, ප්‍රංශයට, ඉතාලියට ස්පාඤ්ඤයට වගේ අමානුෂිකව එකල ලොව පාලනය කළ අයට. හිට්ලර් නරක මිනිහෙක් වුනේ මේ රටවල් වලට. හිට්ලර් පහරදුන්නේ ඝාතනය කළේ එහෙම කට්ටියව. (නි)

:       0       0

දුම්මලසූරිය. Wednesday, 28 August 2013 11:37 AM

මට නම් පේන්නෙ ඇමරිකාව මැදපෙරදිග රටවල් වල ප්‍රශ්න ඇතිකරමින් මෙච්චර දවසක් වටේ ගියේ ඉරානයට ගහන්න පාර කපාගන්න කියලයි.දැන් ඇමරිකාව බලාපොරොත්තු වුන අවස්ථාවට ආසන්න වෙලා. ඒ ගැටේට අහුනොවී හිටියොත් ඉරානය දිනුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 89 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 661 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 98 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 53 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 140 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3587 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1467 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site