සිරියානු රජය සමඟ සටන් කරන කැරැුලිකරුවන්ට සහාය දෙමින්, ඉරාකයේ සිට සිරියාවට පැමිණි අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීහු පිරිසක් ඊයේ (1) සිරියාවේ ඇලෙප්පෝ නුවරට නුදුරින් පිහිටා ඇති කුර්දි ගම්මාන දෙකකට කඩා වැදී එම ගම්මානයේ වැසියන් 200 දෙනකු ප‍්‍රාණ ඇපයට ගත්හ.
මෙම අල් කයිඩා සටන්කාමීන් කඩා වැදී ඇත්තේ ටෙල් හසෙල් සහ ටෙල් ඇරන් නමැති ගම්මානවලට යැයි සිරියානු රජය නිවේදනය කර තිබේ.
ගම්මානය වටකොට පහර දී ප‍්‍රාණ ඇපයේ සිටින කුර්දිවරුන් බේරා ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බව සිරියානු රජයේ හමුදාව අවධාරණය කර ඇත.
සිරියාවේ වෙසෙන සුළුතර ජන කොට්ඨාසයක් වන කුර්දිවරුන් පහර දෙන්නේ සිරියානු කැරැුලිකරුවන්ට නොව, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටය.
සිරියාවේ මිලියන 1.6 ක ජනගහනයක් වෙසෙන අතර ඔවුන්ගෙන් සියයට 9 ක් කුර්දිවරුය. කුර්දිවරුන් බහුලව ජීවත් වන්නේ සිරියාවේ ඇලෙප්පෝ සහ ඩමැස්කස් යන නගර ආශි‍්‍රත දිස්ති‍්‍රක්කවලය.
ටෙල් හසෙල් ගම්මානය ආශ‍්‍රිත ගම්මානවල වැසියෝ ද සිරියානු කැරැුල්ල ආරම්භ වූ අවස්ථාවේදී ආයුධ අතට ගෙන කැරැුලිකරුවන් සමඟ සටන් වැදුණාහ.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිනෙන් දින උත්සන්න වන සිරියානු අර්බුදය දැන් ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමක් බවට ද නිර්මාණය වී ඇත.
සිරියානු කැරැුලිකාර පාර්ශ්වයට ඉරාකයේ අල් කයිඩා මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි. සිරියාවේ බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ මෙම සටන්කාමීන් යැයි සිරියානු රජය චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව සිරියාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂයක පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර මිලියන 7.8 ක පිරිසක් සරණාගතයන් ලෙස සිරියාවේ අසල්වැසි රටවල ජීවත් වෙති.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියාවට පැමිණි සටන්කාමීහු කුර්දි වැසියන් ප‍්‍රාණ ඇපයට ගනිති
වීර Sunday, 04 August 2013 10:44 PM
මෙම සිදුවීම ලොවටම පිළිලයක් වී ඇත්තේ කවුදැයි යන්න පෙන්වීමට කදිම උදාහරණයකි. (නි)
චින්තක Saturday, 03 August 2013 08:42 AM
විසෙන් විස නැසීම (නි)
විදුර Sunday, 04 August 2013 10:33 AM
මුහුණත් සමග තරහ වෙලා නහය කපා ගන්නවා කියන එකට හොදම උදාහරණය තමයි මේක. (නි)
සඳරුවන් Saturday, 03 August 2013 09:33 PM
හලාල් කිවුවා නම් ඉතින් ඕනෑ දෙයක් (නි)
දුම්න්ද Saturday, 03 August 2013 12:20 PM
මොකද මෙයාල එකිනෙකාට හතුරෝ..අනේ අනිච්චන්. (අ)
හේරත් Sunday, 04 August 2013 04:33 AM
ආදර අම්මෙක් තාත්තෙක්ගේ පුතෙක් දුවෙක්, අයියෙක්,අක්කෙක්,නංගියෙක් ,මල්ලියෙක්.. මොන පැත්තෙන් බැලුවත් මොන ජන කොටසකට අයිති වුණත් කවුරු දිනුවත්, පැරදුනත් අහිංසක ජීවිත මොකටද නැති කරන්නේ? (නි)
සම්පත් Friday, 02 August 2013 04:40 PM
ජනගහනය ගණනය කිරීම වැරදිය.එය නිවැරදි කරන්න.
වීර Friday, 02 August 2013 12:32 PM
ෂියා මුස්ලිම් වරුනුත් ජීවත් වීමට අයිතියක් ඇති මනුෂ්‍යයන් බව සුන්නි මුස්ලිම්ලා දැනගත යුතුය.අන්තවාදී සුන්නි මුස්ලිම්වරු මර්දනය කර සිරියාවේ සාමය උදාකර ගැනීමට ෂියා මුස්ලිම්වරුන්ට ශක්තිය ලැබේව. (අ)
උදය Sunday, 04 August 2013 10:18 PM
තලේබාන්ලව ජාතක කළේ කවුද? (නි)
රිෂාර්ඩ් Saturday, 03 August 2013 05:07 PM
එක පැත්තෙන් නැතිවේ තව පැත්තෙන් ශක්තිමත් වේ.ඇතුලාන්තය කාටවත් කිව නොහැක.ඔබ ඉවරඊ සිතුවහොත් එය සමහරවිට පටන් ගැනීමක් ද විය හැක. එය කාටත් එකඊ.එයය් ලෝකයේ ගමනේ සැටි
රිෂාර්ඩ් Saturday, 03 August 2013 05:07 PM
එක පැත්තෙන් නැතිවේ තව පැත්තෙන් ශක්තිමත් වේ.ඇතුලාන්තය කාටවත් කිව නොහැක.ඔබ ඉවරඊ සිතුවහොත් එය සමහරවිට පටන් ගැනීමක් ද විය හැක. එය කාටත් එකඊ.එයය් ලෝකයේ ගමනේ සැටි
රිෂාර්ඩ් Saturday, 03 August 2013 05:07 PM
එක පැත්තෙන් නැතිවේ තව පැත්තෙන් ශක්තිමත් වේ.ඇතුලාන්තය කාටවත් කිව නොහැක.ඔබ ඉවරඊ සිතුවහොත් එය සමහරවිට පටන් ගැනීමක් ද විය හැක. එය කාටත් එකඊ.එයය් ලෝකයේ ගමනේ සැටි