සිරියාවේ ඩමැස්කස් අගනුවර පෙරේදා (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට එරට ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු බිලිවීමත් සමඟ සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට වහාම පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ඊයේ (19) ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.
සිරියා රජයට එරෙහි තීරණයක් ගැනීමට වෙලාව පැමිණ ඇති බවත් එරටට තව තවත් සම්බාධක දැමිය යුතු බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලිබියාවට කළාක් මෙන් සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සහ දරමින් සිටී.
ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන බි‍්‍රතාන්‍යය එම යෝජනාවලිය කෙටුම්පත් කළ අතර ඇමෙරිකාව සහ ප‍්‍රංශය ඊට කැමැත්ත පළ කර සිටී.
සිරියාවේ ඩමැස්කස් අගනුවර ගැටුම් හට ගැනීම ඇරැඹුණේ මීට දින කිහිපයකට පෙරය. සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු හමුදාව’ පවසා ඇත්තේ ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනයෙන් සිරියානු අගනුවර මුදා ගැනීමට දිගටම සටන් කරන බවය. සිරියාවේ ඩමැස්කස් අගනුවර ජාතික ආරක්ෂක මූලස්ථානයට පෙරේදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූයේ සිරියා රජයේ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ විශේෂ හමුවක් පැවැත්වෙද්දීය. එම හමුවට ජනාධිපති බෂීර් අල් අසාද් ද සහභාගී වීමට නියමිතව සිටි නමුත් පසුව එම තීරණය වෙනස් කර ඇත.
එම බෝම්බ ප‍්‍රහාරයෙන් එරට ආරක්ෂක ඇමැති ඩවුඞ් රාජා, ජනපති බෂීර් අල් අසාද්ගේ මස්සිනා මෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ද වන අසෙෆ් ෂව්කාත්, රජයේ උපදේශකවරයකු වන ජනරාල් හසන් ටර්ක්මේනී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ ජාතික ආරක්ෂක ප‍්‍රධානී ජනරාල් හිෂාම් ඉක්තියාර් මිය ගියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිරියාවට එරෙහි තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා
මදුෂාන් Friday, 20 July 2012 09:54 PM
අන්න හරි අපි ගම්මු තීරණයක්. මේ මොකද්ද අනේ සිරියාව කියන්නේ (දී)
aaa Sunday, 22 July 2012 11:19 AM
සිරියාවට ඉක්මනට සාරිය ගෙන්න ඕනෑ . (දී)