සිරියාවට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් කිරීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවත්, එසේ කළහොත් ලිබියාවට කළාක් මෙන් සිරියා රජයේ හමුදා ඉලක්ක කරගනිමින් ද ප‍්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාවට හැකිවනු ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සිරියානු අර්බුදයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ කැරැලිකාර පාර්ශ්වයටය. සිරියානු කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දෙන්නේ ද ඇමෙරිකානු රජයයි.
ඇමෙරිකාව එම තීරණය ගැනීමට සූදානමින් සිටින්නේ, සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය පෙරේදා (28) ඒකමතිකව තීරණය කිරීමත් සමඟය. සාමාජික රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය, සිරියා කැරැුලිකරුවන්ට පමණක් නොව, සිරියා රජයට ද ආයුධ තහනමක් පැනැවූයේ මීට මාස කිහිපයක සිටය. එම තහනම අනුව, සිරියා රජයට හෝ කැරැුලිකරුවන්ට හෝ ආයුධ සැපැයීමට, යුරෝපා සංගමයට අයත් සාමාජික රටකට හැකියාව නොලැබුණි.
පැය 12 ක සාකච්ඡාවකින් පසු, යුරෝපා සංගමයේ සාමාජිකයන් තීරණය කළේ කැරැලිකරුවන්ට පමණක් ආයුධ ලබා දීමට එරෙහිව පැනැවූ තහනම ඉවත් කිරීමටය. සිරියානු රජයට ආයුධ ලබා දීමට එරෙහි තහනම දිගටම පවතී.
ගඩාෆි පාලනයට විරෝධය පළ කරමින් 2011 වසරේ දී ලිබියානු කැරැල්ල හටගත් අවස්ථාවේ, ගඩාෆි හමුදාව කැරැලිකරුවන් මර්දනය කිරීමට මුලදී හැකියාව ලැබුණි. ඒ, ලිබියානු ගුවන් හමුදාවෙන් කැරැලිකරුවන්ට දිගට හරහට පහර දීමට පටන් ගත් නිසාය.
ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද එක් වී ලිබියාවට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් කළේය. ඒ, ලිබියා රජයේ හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් අමු අමුවේ මිය යන බව පවසමිනි. කැරැලිකරුවන්ට ගඩාෆි රජය පෙරළීමට හැකිවූයේ ඉන් පසුවය.
ලිබියානු අර්බුදයේදී නිහඬව සිටි චීනය සහ රුසියාව සිරියානු අර්බුදයට මැදිහත් වී සිටී. එහෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සිරියානු රජයට එරෙහිව පියවරක් ගැනීමට නොහැකි වී ඇත.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
921
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිරියාවට ඉහළ අහස ගුවන් තනනම් කලාපයක් කරන්න ඇමෙරිකාව සැරැුසේ
උදය Thursday, 30 May 2013 05:48 PM
ගඩාෆි ට වඩා අසාද් කෙරෙහි විශ්වාසයක් ලොව තුල ගොඩ නැගී ඇත. (නි)