IMG-LOGO

සිරියානු හමුදා රථ පෙළකට ඊශ‍්‍රායලයෙන් ප‍්‍රහාරයක්

බීරූට්/අම්මාන් (රොයිටර්*
ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා, ඊයේ (31) අලූයම සිරියානු ගුවන් සීමාවට අනවරසරයෙන් ඇතුළු වී, සිරියානු හමුදාවට අයත් රථ පෙළකට බෝම්බ දමා විනාශ කළේය.
ඊශ‍්‍රායල ප‍්‍රහාරක ජෙට් යානා දෙකක් එම රථ පෙළ ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලූවේ ඊශ‍්‍රායල/ලෙබනන් දේශසීමාව අසලදීය. 
ප‍්‍රහාරයට හසුවී විනාශ වෙද්දී රථ පෙළ සිරියා හමුදාවට අයත් ජමාරායා නමැති පර්යේෂණ ආයතනයෙන් පිටවී යමින් තිබුණු බව විදෙස් පුවත් සේවා පවසයි.
ඊශ‍්‍රායල රජය සහ හමුදාව පැවැසුවේ සිරියා හමුදාව ඊශ‍්‍රායලයේ සතුරන් වන හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුද රැගෙන යෑමට උත්සහ කළ බවත්, එම ආයුධ ප‍්‍රවාහන රථ පෙළට තමන් පහර දුන් බවත්ය. 
හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ ගෙනයන බව තමන්ට දැනගන්න ලැබුණේ කෙසේදැයි යන්න ඊශ‍්‍රායල රජය හෝ හමුදාව හෝ කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත. 
හිස්බුල්ලා සංවිධානය ඉරානයේ මිතුරෙකි. සිරියාවේ සිවිල් යුද්ධයේදී හිස්බුල්ලා සංවිධානයත් ඉරානයත් සිරියානු රජයට සහාය දෙයි. ඊට අමතරව ලෝක බලවතුන් දෙදෙනකු වන රුසියාවේත් චීනයේත් සහාය සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට හිමිවෙයි.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගේ සහාය හිමි වන්නේ රජය සමඟ සටන් කරන කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. ඒ අනුව සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙඳී සිටින අතර ඊශ‍්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප‍්‍රහාරය තෙවැනි ලෝක මහා සංග‍්‍රාමයක පෙර නිමිත්ත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇතැම් දේශපාලන සහ යුද විශ්ලේෂකයෝ බිය පළ කරති. 



අදහස් (0)

සිරියානු හමුදා රථ පෙළකට ඊශ‍්‍රායලයෙන් ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 27 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site