සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වැද සිටින ත‍්‍රස්ත කණ්ඩායම් දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටින බවත් අනාගතයේදී ඔවුන් තම රටට ද තර්ජනයක් විය හැකි බවත් ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී බෙනී ගන්ට්ස් ඊයේ(12) පැවැසීය.
ඊශ‍්‍රායල වාර්ෂික ආරක්ෂක සමුළුව අමතමින් ගන්ට්ස් මේ බව පැවැසීය.
සිරියානු හමුදාවට අයත් අතිශය වැදගත් අවි ගබඩාවක් මෙම ත‍්‍රස්ත කණ්ඩායම් අතට පත්වීමේ අවදානමක් පවතින බවත් එවැන්නක් සිදු වුව හොත් අසල් වැසි රටවලට ද ඉන් බලපෑමක් ඇති විය හැකි බවත් ගන්ට්ස් අනතුරු අඟවමින් කියා සිටී.
සිරියානු කැරැලිකරුවන් හා එක්ව සිටින ප‍්‍රබලතම සන්නද්ධ කණ්ඩායමක් ලෙස ‘අල් නූස්රා පෙරමුණ’ සැලකේ. පසුගිය කාලය තුළ සිරියා රජයේ හමුදාවලට එල්ල කළ ප‍්‍රහාර පිටුපස සිටින්නේද අල් නූස්රා සටන්කාමීන්ය.
සිරියාවේ සටන් ඇවිළීමට පෙර මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු අප‍්‍රකටව පැවැති අතර 2012 වසරින් පසුව සිරියානු කැරැලිකරුවන්ගේ ප‍්‍රධානම පාර්ශ්වකරුවා වූයේ ද මෙම සටන්කාමීන්ය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියානු ‘ත‍්‍රස්ත කණ්ඩායම්’ දිනෙන් දින ශක්තිමත් වෙනවා