බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ගමන් කළ රථ පෙළට කැරැලිකරුවෝ පෙරේදා (07) රොකට් ප‍්‍රහාරයක් එල්ල කළහ.
ප‍්‍රහාරයෙන් ජනපතිට හෝ ඔහුගේ ආරක්ෂක පිරිවරට හෝ අනතුරක් සිදු නොවිණි. ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති අසාද්, ඊද් අල් ෆිතර් උත්සවයට යමින් සිටියේය.
ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික වතාවත් සහ ශුද්ධ මාසයේ අවසානය සනිටුහන් වන්නේ ඊද් අල් ෆිතර් උත්සවයෙනි.
ඊද් අල් ෆිතර් උත්සවයට එක් වෙමින් ජනතාව ඇමැතූ අසාද් වැඩි දුරටත් කියා සිටියේ විදෙස් බලවේගවලට නතු වෙමින් රට අස්ථාවර කිරීමට කුමන්ත‍්‍රණය කරන ‘ත‍්‍රස්තවාදීන්ට’ කිසිදු අනුකම්පාවක් නොදක්වන බවය.
ජනපතිවරයාගේ රථ පෙළට රොකට් ප‍්‍රහාරය එල්ල කළේ ‘ලීවා අල් ඉස්ලාම්’ බළඇණිය නමින් හැඳින්වෙන කැරැලිකාර කණ්ඩායමය. ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ ප‍්‍රහාරයෙන් ජනපතිවරයාට තුවාල සිදුවුණු බවය.
‘ලීවා අල් ඉස්ලාම්’ බළඇණියට ඉරාකයේ සිට පැමිණි සුන්නි මුස්ලිම් අල්කයිඩා සටන්කාමීන්ගේ ද සහාය හිමිවෙන බව ද පැවැසෙයි. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට නව මුහුණුවරක් ගෙන ඇත. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසටය.
|
|
ආසාද් (වමේ), ඊද් අල් ෆිතර් උත්සවයට එක් වෙමින් |
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියානු ජනපති ගමන් කළ රථ පෙළට කැරැලිකරුවන්ගෙන් රොකට් ප‍්‍රහාරයක්
වීර Friday, 09 August 2013 01:25 PM
මේගොල්ලෝ ආගමික මාසය ඉවර වෙච්ච ගමන්ම වැඩ පටන් අරගෙන .මෙන්න නියම මුස්ලිම්වරු. (අ)
ජයා Friday, 09 August 2013 01:36 PM
අයියෝ! (නි)
සුදත් Friday, 09 August 2013 11:09 PM
එහෙත් ප්‍රශ්න? (නි)
නිශාන් Saturday, 10 August 2013 06:56 PM
ප්‍රභාත් ඔබ හරි රට වෙනුවෙන් සැලසුම් නැහැ අල්ලගන්න දගලුවට නොදන්නා සුරංගනාවියෝ පස්සේ ගිහිල්ල ලිබියා ,ඉරාකය ,දැන් ලේ විලක් වෙලා අපි කියන්නේ නැහැ අසාද් 100% හොදය කියල නමුත් රට පාලනය වෙනස් කරන්න ඕනේ මෙහෙම නෙමේ . මොවුන් ත්‍රස්තවාදීන් වහ පහරදී විනාස කලයුතු (අ)
නිෂාන් Saturday, 10 August 2013 06:56 PM
ප්‍රභාත් ඔබ හරි මුන්ට රට වෙනුවෙන් සැලසුම් නැහැ අල්ලගන්න දගලුවට නොදන්නා සුරංගනාවියෝ පස්සේ ගිහිල්ල ලිබියා ,ඉරාකය ,දැන් ලේ විලක් වෙලා අපි කියන්නේ නැහැ අසාද් 100% හොදය කියල නමුත් රට පාලනය වෙනස් කරන්න ඕනේ මෙහෙම නෙමේ . මොවුන් ත්‍රස්තවාදීන් වහ පහරදී විනාස කලයුතුයි (අ)
ප්‍රභාත් ලියනගේ Saturday, 10 August 2013 03:43 AM
මගේ අදහස නම් අසාද් ජනාධිපතිවරයා තව දුරටත් බලයේ සිටිය යුතුයි. මේක මහා කරුම යුද්දයක්. නිදහස් සිරියානු හමුදාව කියන්නේ එරට විනාශ කරන්න අපු මෝඩ කාලකන්නි ටිකක්. සමුල ඝාතනය කරලා හරි මුන්ගෙන් රට බෙර ගන්න ඕනා. අපි දැක්ක ඉරාකය ලිබියා වගේ කෙලින් පාලනයක් තිබුණු රටවල් වලට දැන් සිද්ද වෙලා තියෙන විනාශයක තරම. පාලකයා විනාශ කල අන්තිමට රට කෑලිවලට කැඩිලා මරාගන්නවා. මෙහෙම හරි අල්ලාගෙන ඉන්නවට අසාද් ජනාධිපතිට ස්තුති කරන්න ඕන. එමෙන්ම රුසියාවට චීනයට විශේෂයෙන් ස්තුති කරන්න ඕන සිරියාවට කරන උදව්වට. මගේ එකම ප්‍රාර්ථනය කාලකන්නි කැරලිකරුවන් නසා වනසා රට එක්සත් කරන්න අසාද් ජනාධිපතිවරයාට ශක්තිය ලැබේවා.(නදී)
සරත් ආතාවුද Friday, 09 August 2013 12:15 PM
ජන සංහාරය කරන උන්ට නිසි දඩුවම් හිමිවියයුතුයි. (ස)