IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියානු කැරැලිකරුවෝ ප‍්‍රහාරක ජෙට් යානයක් බිම හෙළති

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන්වැද සිටින කැරැලිකරුවෝ පෙරේදා(13) එරට ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළුෑ බව විදෙස් වාර්තා සඳහන් කරයි. කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරයෙන් අනතුරුව ගිනිගත් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට අන්තර්ජාලයට එක් කර ඇති කැරැලිකාර පාර්ශවයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ නවීන ගුවන් යානා නාශක අවි භාවිත කර එම ප‍්‍රහාරය එල්ල කළ බවයි. නමුත් සිරියා රජය පවසන්නේ පුහුණුවීම් අතරතුර ජෙට් යානයේ හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි. ජෙට් යානයට තමන් එල්ල කළ ප‍්‍රහාරයෙන්  අනතුරුව එහි සිටි නියමුවා යානයෙන්ඉවත් වීමෙන් පසුව ඔහු තමන් භාරයට ගත් බව සිරියානු කැරැලිකරුවෝ පවසති. ඒ බව තහවුරු කරනු පිණිස ගුවන් නියමුවා යැයි කියන පුද්ගලයකු කැරැලිකරුවන් අත්අඩංගුවේ සිටින බව දැක්වෙන වීඩියෝ පටයක් ද ඔවුන් මාධ්‍යය වෙත නිකුත් කර ඇත. යුද්ධයේ සිරකරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ වන ජීනීවා ප‍්‍රඥප්තියට සහ තම ආගමික,  සදාචාරාත්මක අගයයන්ට අනුකූලව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවා සම්බන්ධයෙන් කටයුතු කරන බව කැරැලිකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ. කෙසේ වෙතත් කැරැලිකරුවන් සිරකරුවන්ට අමානුෂික වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයට එක් කර තිබීමෙන් ඔවුන් කරන මේ ප‍්‍රකාශ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. අසාද්ගේ හමුදාව තරම් නූතන අවි ආයුධ  භාවිත නොකරන එරට කැරැුලිකරුවන් එල්ල කළ මෙම ප‍්‍රහාරය සිරියා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ වන විට සිරියා හමුදා ප‍්‍රහාරක හෙලිකොප්ටර්, ජෙට් යානා පමණක් නොව යුද ටැංකි ද යොදා ගනිමින් ඇලෙප්පෝ නුවර සිටින කැරැලිකරුවන්ට පහර දෙයි. සිරියානු රජය පවසන්නේ මේ වනවිට කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරයේ සලේදීන් දිස්ත‍්‍රික්කය තම පාලනයට නතු කර ගැනීමට හැකිවී ඇති බවය.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවෝ ප‍්‍රහාරක ජෙට් යානයක් බිම හෙළති

මධු Wednesday, 15 August 2012 12:47 PM

තව මාස හයක් හතක් යද්දී වෙන්න තියෙන දේවල් සේරම වෙලා තියෙයි. (නි)

:       0       0

නවන්ත Thursday, 16 August 2012 05:47 AM

තවත් රුසියාවයි චීනෙයි කටවල් වහන් ඉදියිද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site