IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සිරියානු කැරැලිකරුවන්ගේ ප‍්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරු 60 ක් මරුට

සිරියානු කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරයකින් එරට දීර් එසෝර් ප‍්‍රාන්තයේ, හත්ලා නමැති ගම්මානයේ ෂියා මුස්ලිම් පදිංචිකරුවන් 60 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
හත්ලා ගම්මානයේ ෂියා මුස්ලිම්වරු සිරියානු ජනපති සහ රජයට පක්ෂපාතී පිරිසකි.
කැරැලිකරුවන් පහර දෙද්දී එම පිරිස ද ඔවුන්ට පෙරළා ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් කැරැලිකරුවෝ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සිරියානු කැරැලිකරුවන් හත්ලා ගම්මානයට පහර දෙද්දී, සිරියාවේ ඩමැස්කස්  අගනුවර රජයේ ගොඩනැගිලි පිහිටි ආරක්ෂක කලාපයේ කාර් බෝම්බ දෙකක් පුපුරා ගියේය. එයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 54 දෙනෙක් තුවාල ලැබූහ.
ඩමැස්කස් අගනුවර කාර් බෝම්බ දෙකක් පුපුරුවා
සිරියානු හමුදාව මේ වනවිට, එරට ඇලෙප්පෝ නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත. සිරියානු රජයේ හමුදා එම මෙහෙයුම් ආරම්භ කළේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිවය.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවන්ගේ ප‍්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරු 60 ක් මරුට

විමල් Thursday, 13 June 2013 04:04 PM

දේව දත්තගේ අනුගාමිකයෝ බෙදී බෙදී මරාගන්නවා.(නදී)

:       0       0

දිලිප් රත්කඩුව Thursday, 13 June 2013 06:01 PM

මුස්ලිම් රටක මුස්ලිම් මිනිසුන්ට එකට ඉන්න බැහැ. ඒ අතින් සිංහල අපි කොයිතරම් වාසනාවන්තද? අපි ආගම වෙනුවෙන් මරාගන්නේ නැහැ.(නදී)

:       0       0

චන්දි Thursday, 13 June 2013 01:15 PM

සිරියාවේ යුද්ධය නිසා එම රට වැසියන් ලෙබනන් රටට පලාගොස් සිටිති. (නි)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 10:14 AM

මොන ප්‍රහාර එල්ල කරලා හරි මැරෙන්නේ අහිංසක මිනිසුන්නේ. අනේ කවුද කොහොම සාමයෙන් සමගියෙන් පිරුන ලොවක් බිහි වෙයිද? දැන් මේවගේ මානව හිමිකන් උල්ලංගනය වෙන්නැද්ද? (ස)

:       0       0

උදය Thursday, 13 June 2013 03:21 PM

මම හිතන්නේ සමහර විට මේ යුද්ධය මේ විදිහට පවත්වාගෙන යන්න ඇමෙරිකාව සහ රුසියාව ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. ආයුධ විකුනන්න වෙන තැනක් නැහැ මේ දවස්වල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site