සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව අවි අතට ගෙන සටන් කරන කැරැලිකරුවන් සහ රජයේ හමුදා සෙබළුන් අතර ඊයේ (5) එරට ජබල් අක්රාද් කඳුකරයේ දරුණු ගැටුම් හටගත්තේය.
ගැටුම් හටගත්තේ ජබල් අක්රාද් කඳුකරයේ බරූඩා ගම්මානයේ සිරියානු රජයේ හමුදාවට අයත් හමුදා මුරපොළට කැරැලිකරුවන් පහර දීමට පැමිණි අවස්ථාවේදීය.
මුරපොළට කැරැලිකරුවන් පහර දීම ආරම්භ කළ අවස්ථාවේදී, මුරපොළේ සිටි සෙබළුන්ගේ සහායට හමුදා බළඇණියක් ද යැවු බව සිරියානු රජය පැවැසීය.
බරූඩා ගම්මානයේ මුරපොළට පහර දීමට කැරැලිකැරුවන්ට අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ ද සහාය හිමිවූ බව සිරියානු හමුදාව කියා සිටී.
මේ අතර සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ කියා සිටියේ සිරියානු කැරැුලිකරුවන් මර්දනය කිරීමට දඬදඬු කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළ යුතු බවය.
සිරියා රජයේ හමුදාවට කැරැලිකරුවන් සහ ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය සිරියානු රජයට සහාය පළ කිරීම නිසාය.
එම හේතුව නිසා හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ද යුරෝපා සංගමය තීරණය කර ඇත. රටවල් 28 කින් සමන්විත යුරෝපා සංගමය එම තීරණය ගත්තේ, දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් ද පසුවය. ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු, විදේසවලින් එම සංවිධානයට ලැබෙන ආධාර අහිමි වනු ඇති අතර එම සංවිධානයට යුරෝපා සංගමයට අයත් රටවලින් ආධාර ලබා ගැනීමට ද නොහැකි වෙයි.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින සිරියානු අර්බුදය මේ වනවිට නව මුහුණුවරක් ගෙන ඇත. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසටය.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියානු කඳුකරයේ දරුණු ගැටුම්
රෝම Tuesday, 06 August 2013 12:59 PM
මේ දෙගොල්ලොම ලෝකයට තර්ජනයක් . මේ අයට හැමතිස්සෙම ලේ දකින්ඩ ඕනේ.