IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියානු අර්බුදය විසඳන්න ජගත් ප‍්‍රජාව එකමුතු විය යුතුයි

දිනෙන් දින උග‍්‍ර වන සිරියානු අර්බුදය විසදීමට නම් ජාත්‍යන්තර ප‍්‍රජාව එකමුතු වී, එකම ස්ථාවරයක සිට කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව වෙනුවෙන් පත් කළ නව සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි පවසයි. නව සාම නියෝතවරයා ලෙස, සිරියා අර්බුදය සම්බන්ධයෙන් ඇල්ජීරියානු හිටපු විදේශ ඇමැතිවරයකු ද වන ලක්දාර් බ‍්‍රහීමි සිය අදහස් ප‍්‍රකාශ කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (5) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකසිය අනූ තුනෙහි සාමාජිකයන් අමතමිනි. ”මාස 18 ක් තිස්සේ පවතින සිරියානු අර්බුදය උත්සන්න වෙලා. දිනපතා ඝාතන සිදුවෙනවා. සිවිල් වැසියන් පීඩාවට පත්වෙනවා.” යැයි නව සාම නියෝජිතවරයා එහිදී අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ අලූත්ම වාර්තාවල දැක්වෙන්නේ සිරියාවේ ගැටුම්වලින් මේ වනවිට 26,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. බ‍්‍රහීම්ගෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද සිය අදහස් ප‍්‍රකාශ කළේය. ”සිරියා අර්බුදය නිසා ලෝකය බල කඳවුරු දෙකකට බෙදිලා. පිරිසක් කැරැුලිකරුවන්ට සහාය දෙනවා. තවත් පිරිසක් රජයට සහාය වෙනවා. ආයුධ දෙනවා. මෙයින් සිදුවන්නේ අර්බුදය දිග්ගැස්සීමයි. එය වහා නැවැත්විය යුතු වෙනවා” යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පැහැදිලි කළේය. සිරියානු සාම නියෝජිතවරයා ලෙස මීට සති කීපයකට පෙර, 78 හැවිරිදි ලක්දාර් බ‍්‍රහීමි නම් කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ඇතැම් සාමාජික රටවලින් ඊට විරෝධයක් එල්ල විය. චීනයත් රුසියාවත් ඒ අතර සිටී. එම රටවල් කියා සිටියේ බ‍්‍රහීමි, බටහිර රටවලට පක්ෂව කටයුතු කරනු ඇතැයි කියාය. කෙසේ නමුත් සාම නියෝජිතවරයා ලෙස බ‍්‍රහීමි පත් කිරීම ගැන තමන් සතුටට පත් වන බවත්, බ‍්‍රහීම් සමඟ එක් වී අර්බුදයට විසඳුම් සෙවීමට තමන් කටයුතු කරන බවත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත. සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැුලිකරුවන් ද බ‍්‍රහීම්ට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා විය. සිරියාවේ නව සාම නියෝජිත ධුරය බ‍්‍රහීම්ට හිමිවූයේ ඒ අනුවය. බ‍්‍රහීම්ට පෙර සාම නියෝජිත ධුරයේ කටයුතු කළේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු වන කොෆී අනන්ය. ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූයේ බටහිර රටවලින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් බලපෑම් එල්ල වන බවට චෝදනා කරමින්ය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට අවශ්‍ය සිරියානු අර්බුදයට විසඳුම් සෙවීමට නොව, ඔවුන්ට පක්ෂපාතී සහ ඔවුන්ට හිතවත් රජයක් සිරියාවේ පිහිටුවීමට සිරියානු ජනපති අසාද් බලයෙන් නෙරපා දැමීමට යැයි ද අනන් පැවැසීය. අනන්, සිරියාවට සාම සැලැස්මක් සකස් කළේ අරාබි ලීගයේ සහ බටහිර රටවල ද සහාය ඇතිවය. ඉකුත් අපේ‍්‍රල් 12 වැනිදා එම සාම සැලැස්ම කි‍්‍රයාත්මක වුවත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට නොලැබිණි. අනන්, සාම නියෝජිත ධුරයෙන් ඉවත් වීම සැලකිල්ලට ගෙන, සිරියාවේ සාම නිරීක්ෂණ කටයුතු වහා අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය අගෝස්තු 16 වැනිදා තීරණය කළේය. සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇති අතර සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට සහ කැරැලිකරුවන්ට සහාය හිමි වන්නේ ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ බටහිර රටවලිනි. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහය දෙන්නේ බටහිර විරෝධී චීනය, රුසියාව, ඉරානය යන රටවල්ය. බටහිර රටවලට අවශ්‍ය සිරියා ජනපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට කැරැුලිකාර කණ්ඩායම්වලට සහාය දීමට බවත් බටහිර රටවලට පක්ෂපාතී හිතකර පාලනයක් ඇති කිරීමට බවත් චීනය පවසයි. සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට බටහිර රටවලට අවශ්‍යතාවක් නැති බව රුසියාව පවසයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව අවස්ථා තුනක දී යෝජනාවලීන් ඉදිරිපත් කළ අතර, ඒ සෑම අවස්ථාවකදීම චීනය සහ රුසියාව එක් වී නිෂේධ බලය යොදා ඒවා පරාජය කළේය.කොෆී අනන් (වමේ), බෑන් කී මූන් (මැද) සහ ලක්දාර් බ‍්‍රහීමි



අදහස් (0)

සිරියානු අර්බුදය විසඳන්න ජගත් ප‍්‍රජාව එකමුතු විය යුතුයි

සිල්වා පැරිස් Thursday, 06 September 2012 01:15 PM

කොෆි අනන් ඔබ හරි.. අලුත පත්වූ කෙනා ප්‍රංශයේ බලල් අතක්..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 771 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site