නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව පිලිපීනයේ කිඩපවන් හී බන්ධනාගාරයකින් සිරකරුවන් 150ක් පමණ පළා ගොස් ඇත.
එම තුවක්කුකරු අයි එස් ත්‍රස්තවාදියකු යැයි බලධාරීහු සැක කරති. ප්‍රහාරයෙන් බන්ධනාගාර ආරක්ෂක නිලධාරියකු මිය ගොස් ඇත.
සිරකරුවන් පලා ගොස් ඇත්තේ ආරක්ෂක නිලධාරීන් හා තුවක්කුකරු අතර වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී ය.
බන්ධනාගාර නිලධාරී පීටර් බොන්ගාත් පැවසුයේ ත්‍රස්ත කණ්ඩායමක පිරිසක් නිදහස් කරගැනීමට මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි. එම බන්ධනාගාරයේ සිරකරුවෝ 1500ක් පමණ සිටිති.
පලාගිය සිරකරුවන් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට සිරකරුවන් හය දෙනකු අල්ලාගෙන ඇත.
පිලිපීනයේ බෙදුම්වාදී ගැටුම් වසර ගණනාවක සිට සිදුවෙයි. ත්‍රස්ත කණ්ඩායම් එරටට පැමිණෙන සංචාරකයින් පැහැර ගන්නා බවත් ත්‍රස්ත ප්‍රහාර සිදුකරන බවත් බලධාරීහු කියති.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරකරුවෝ 150ක් පළා යති