
පිහි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට සිදු කළ සැත්කම සාර්ථක වූ බවත්, 56 හැවිරිදි බොලිවුඩ් නළුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.
සයිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාරය එල්ල කළේ මුම්බාය් නුවර ඔහුගේ සුඛෝපබෝගී නිවසට හොරෙන් ඇතුළු වුණු අයෙකි. එම තැනැත්තා නිවසට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී ආරක්ෂක කැමරා දසුන් මුම්බායි පොලිසිය ප්‍රසිද්ධියට පත් කර ඇත.
එම පුද්ගලයා සයිෆ් අලී ඛාන්ගෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇති බවව්, එහිදී සයිෆ් අලී ඛාන් ඔහු සමඟ පොර බැඳීමට යෑමේදී පිහි ප්‍රහාරයට ලක් වුණු බවත් මේ වනවිට අනාවරණය වී ඇත. පලා ගිය එම පුද්ගලයා සෙවීමට පොලිස් නිලධාරීන් 20 දෙනකුගේ කණ්ඩායමක් යොදවා ඇති බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd