මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගත යුතු බවත් වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පෙරේදා(6) පැවැසීය.
චාවේස්(58) මේ බව කියා සිටියේ පෙරේදා ලතින් ඇමෙරිකානු මැතිවරණ නිරීක්ෂක පිරිසක් සමඟ පැවැති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වාමාංශික, දක්ෂිණාංශික ආදී වූ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල පිළිගත යුතු බවත් එහිදී ඇතැමුන්ගේ අපේක්ෂා බොඳවිය හැකි බවත් චාවේස් අවධාරණය කළේය.
වසර 14ක් තිස්සේ වෙනිසියුලාවේ ජනාධිපති ධූරය හෙබ වූ චාවේස්ට මෙවර ජනාධිපතිවරණ සටනේදී අභියෝගයක් එල්ල වී තිබේ. ඒ ප‍්‍රතිවාදී ‘යුක්තිය පෙරට’ පක්ෂ නායක හතළිස් හැවිරිදි හෙන්රීක් කැප්රියේල්ස්ගෙනි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව සිදුවනු ඇති බවත් අවසානයේදී සුදුස්සා බලයට පත්වනු ඇති බවත් තමා අපේක්ෂාක කරන බව ජනපති චාවේස් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
විද්‍යුත් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය ජනාධිපතිවරණ කටයුතු සඳහා උපයෝගී කර ගන්නා නිසා කිසිදු අක‍්‍රමිකතාවක් සිදු නොවන බව වෙනිසියුලාවට පැමිණ සිටින ආර්ජන්ටිනාවේ හිටපු අගමැතිවරයකු සහ මැතිවරණ විශේෂඥයකු ද වන කාර්ලෝස් අල්වාරේස් පැවැසීය.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සියලූ අපේක්ෂකයන් මැතිවරණ ප‍්‍රතිඵල පිළිගත යුතුයි
ෂෙරීෆ් Monday, 08 October 2012 10:10 PM
ඔබතුමා ලංකාවේ මැතිවරණ අපේක්ෂකයෙක් නම් මම ඡන්දය දෙන්නේ ඔබතුමාටයි. (නි)
පින්කි Wednesday, 10 October 2012 02:02 AM
ඇයි මෙයාලට බැරි එහෙම පිළිගන්න...!(නු)
ලාල් Tuesday, 09 October 2012 07:33 PM
මම කැමති නැහැ එයාට. (නි)