මළේයැයි සැළැකුණු චීන ජාතික කාන්තාවකට අවසාන මොහොතේදී ‘‘පණ‘‘ලැබුණු පුවතක් චීනයෙන් වාර්තා වේ.
පෙන්ග් ෂියුහා (101) ජීවත් වූයේ සිය දියණියන් දෙදෙන සමගය. දිනක් පෙන්ග් සිහිසුන්ව ඇද වැටෙන්නේ නිවසේ වැඩ කරමින් සිටිනාතුරදීය.
දියණියන් දෙදෙන කොතෙක් උත්සාහ කළද පෙන්ග්ට සිහිය ලැඛෙන පාටක් නම් නොවුණි.ඇයගේ නාඩි වැටීම පවා හදුනාගත නොහැකි තත්ත්වයේ පැවැතුණු බැවින් දියණියන් දෙදෙන අවසානයේ තීරණය කර තිඛෙන්නේ සිය මව මියගොස් ඇති බවයි.
ඥාතිමිත්‍රාදීන් කැදවා අවසන් කටයුතු සිදු කිරීමේ අපේක්ෂාවෙන් පෙන්ග් මිනී පෙට්ටියට දැමිමට සැරසෙන අවස්ථාවේ ‘‘පියවි‘‘ලෝකයට පැමිණ ඇති පෙන් විමසා ඇත්තේ සිය නිවසේ මෙතරම් සෙනගක් රැස්ව සිටින්නේ ඇයිද කියාය.
බියපත් වුවද පෙන් හොද සුවයෙන් සිටිනු දුටු දියණියන් දෙදෙන හා ඥාතීන් සිදුවුණු දේ පැහැදිලි කළ පසු සිනාසුණු පෙන් ‘‘මම හරිම වාසනාවන්තකෙනෙක්.පණ පිටින් වැළලෙන්න ඉස්සෙල්ලා මට සිහියත් ආවා ඒ වගේම මම ගැන හිතන අය මෙච්චර ඉන්නවයි කියලත් මම අද දැනගත්තා‘‘යනුවෙන් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සීයේදී එලොව ගිහින් මෙලොව එයි
ඉසුරංගි Tuesday, 05 February 2013 04:08 PM
කව්රුත් ඔහොම තමයි. නින්ද ගියාම ම මැරුනා වගේ තමයි. මට නම් හිතෙන්නේ මේ ආච්චි උවමනාවටම කරපු වැඩක් වගේ.(නදී)
ඉසුරන්දි Tuesday, 05 February 2013 04:10 PM
කොහොමත් ඔය වයසෙදි නාඩි වැටෙන්නෙ නෑ තමයි (ස)
ලක්මාලි Tuesday, 05 February 2013 10:44 PM
ජිවත්වෙන්න පින තිබෙනවා නම් ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ. (නි)
ක්‍රිෂ් Wednesday, 06 February 2013 11:36 AM
එතකොට මෙහේ වගේ එම්බාම් කරන්නේ නැද්ද ඒ රටේ (ස)
නිත්‍යා Wednesday, 06 February 2013 11:38 AM
තවත් ජීවත් වෙන්න ඔබ වාසනාවන්තියෙකි (ස)
ජයා Monday, 04 February 2013 09:40 PM
අතීත කතාවක් මතක් උනා (දී)
ෂෙරිප් Monday, 04 February 2013 10:56 PM
දෙයියෝ සාක්කි!(නදී)
සමන් Tuesday, 05 February 2013 08:04 PM
ලංකාවෙ නම් මොනවා වෙලාද දන්නෙ නැහැ. (නි)
ඩයස් Tuesday, 05 February 2013 03:53 AM
ලංකාවෙ කේස් එකක් නෙමෙයි නිසා හොදයි. මරණ පරීක්ෂණයක් කළා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
අරුණ Tuesday, 05 February 2013 06:10 AM
මාර වාසනාවක්නේ තියෙන්නේ. ඇත්තටම හොද පුවතක්.(නදී)
හේමන්ත Tuesday, 05 February 2013 06:11 AM
අම්මෝ! එහෙම වෙනවා නම් නියමයිනේ.(නදී)
සාලිය Monday, 04 February 2013 09:03 PM
පරණ කතාවක් තමයි මට මතකෙට ආවේ (දී)