එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය සමඟ එක්වී සකස් කළ සාම සැලැස්මට අනුව සිරියා රජය කටයුතු නොකරන බවට ඇමෙරිකාව චෝදනා කරයි. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය අකමැත්තෙන් වුව ද එම සාම සැලැස්මට එකඟ වූයේ ඉකුත් සතියේය. ඒ අනුව සටන් විරාමයකට යෑමට සිරියා රජය පමණක් නොව රජයට එරෙහිව සටන් වදින විපක්ෂ කි‍්‍රයාකාරීහු ද කැමැත්ත පළ කළහ. සාම සැලැස්මට යටතේ ඊයේ (10) වනවිට සිරියාවේ ප‍්‍රධාන නගරවලින් හමුදා ඉවත් කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී තිබුණි. ඇමෙරිකාව ඊයේ (10) කියා සිටියේ මේ වනවිටත් සිරියා රජය, නගරවලින් සහ ජනාකීර්ණ ප‍්‍රදේශවලින් තම හමුදා ඉවත් කර ගෙන නොමැති බවය. මේ අතර සිරියාවේ පවතින ගැටුම්වලට බියේ පණ බේරා ගෙන දේශසීමා හරහා අසල්වැසි තුර්කියට පලා ගිය සිරියා සරණාගතයන් පිරිසකට සිරියා හමුදාව වෙඩි තැබූ බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1970
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාම සැලැස්මට අනුව සිරියාව කටයුතු කරන්නේ නැහැ