සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාවට දොර විවෘතව ඇතැයි තලෙයිබාන් සංවිධානය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ සාමය සඳහා එකම මාර්ගය සාකච්ඡා පැවැත්වීම බව විදෙස් මාධ්‍යයක විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ ප්‍රකාශකවරයෙකු වන ෂර් මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි පැවසීය.
තලෙයිබාන් සංවිධානය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා මියගිය බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමෙන් සතියකට පසුව තලෙයිබාන් සංවිධානයේ මෙම අදහස ප්‍රකාශයට පත්විය.
වසර 18 ක් පුරා පැවති ගැටුම් අවසන් කරමින් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවය සාමය වෙත ප්‍රවිශ්ටවීමේ ලකුණු මෙම මස මුලදී දක්නට ලැබුණි.
කෙසේ වෙතත් පසුගිය 6 වැනිදා තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු සොල්දාදුවෙකු ඇතුළු 11 දෙනෙකු මරණයට පත්වීම හේතුවෙන් අමෙරිකාව සාම සාකච්ඡා වෑයම අත්හැර දැමුවේය.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාවට දොර විවෘතයි