
ඇෆ්ගනිස්තානය සමඟ සාම සාකච්ඡා බිඳ වැටුණහොත්, එරට සමඟ යුද වැදීමට පාකිස්තානය ඕනෑම අවස්ථාවක සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් අනතුරු අගවා ඇත.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ අනතුරු ඇගවීම් කළේ, පසුගිය සති අන්තයේ දෙරට අතර, දෙවැනි වටයේ සාම සාකච්ඡා ඉස්ලාමාබාද් අගනුවර දී පැවැත්වීමෙන් පසුවය.
පළමු වටයේ සාම සාකච්ඡා පැවැත්වූයේ පසුගිය ඔක්තෝබර් 18 සහ 19 දෙදින කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. කටාර් රාජ්‍යයත්, තුර්කියත් ඊට මැදිහත් විය.
ඇෆ්ගනිස්ථානයේ බලයේ සිටින්නේ ඇෆ්ගන් තලේබාන්වරුන්ය. තලේබාන්වරුන් රජයක් පිහිටුවා ඇත්තේ 2021 දී ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය. ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තාන රජය අතරේ දශක ගණනක් තිස්සේ පැවැති මිත්‍රත්වය දෙදරා ගියේ සහ දේශසීමා ගැටුම් නිර්මාණය වූයේ කාරණා දෙකක් නිසාය.
එයින් පළමු කාරණාව වන්නේ ඇෆ්ගන් තලේබාන් රජය, පාකිස්තාන රජයට එරෙහිව සටන් වදින පාකිස්තාන තලේබාන් සංවිධානයේ සාමාජිකයන්ට රැකවරණය දීමය.
දෙවැනි කාරණාව වන්නේ ඇෆ්ගන් තලේබාන් රජය ඉන්දියාව සමඟ හොඳහිත තරකර ගැනීමය. ඒ අනුව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ දේශසීමා ගැටුම් ඇවිළී ගියේය. සාම සාකච්ඡා පැවැත්වීමත් සටන් විරාමයකට යෑමත් සිදුවූයේ ඉන් අනතුරුවය.
පසුගිය සති අන්තයේ පැවැති දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා ඇෆ්ගන් තලේබාන් රජය නියෝජනය කරමින්, එරට නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රහමතුල්ලා මුජීබ් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නූර් අහමඩ් නූර්ගේ සහෝදරයා වන අනස් හක්කානි සහභාගී වූහ. පාකිස්තාන රජය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම කළේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ය.
මේ අතර පාකිස්තානය සමඟ යහපත් සබඳතා පවත්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ යුදමය තත්වයක් ඇතිවීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බවත්, තමන් මැදිහත් වී යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත්ය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාත්, පාකිස්තාන හමුදාපතිවරයාත් නිරන්තරයෙන් ට්‍රම්ප්ගේ පැසැසුමට ලක් වෙති.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාම කතා බිඳ වැටුණොත් ඇෆ්ගනිස්තානයට ගහනවා