සෝමාලියාවේ, ‘හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට සෝමාලි ආරක්ෂක අංශ සමත් වී ඇත.
අල් ෂෙබාබ් යනු අල් කයිඩාව හා සම්බන්ධ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම ත්‍රස්තවාදීන්ය. ‘හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය ඉන්යදී සාගරයට මුහුණලා පිහිටන බව ද පැවැසෙයි.
මෙම නගරය 2011 සිට ත්‍රස්තවාදීන් සහ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ පැවැතියේය. අල් ෂෙබාබ් ත්‍රස්ත කල්ලිය අල් කයිඩාව සමඟ එක් වූයේ 2007 වසරේදීය.
‘හරාර්ඩ්හියර්’ සෝමාලි ආරක්ෂක අංශ අතට පත්වීම සම්බන්ධයෙන් අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් මෙතෙක් කිසිවක් පවසා නැත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෝමාලියා වරාය නගරය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනේ