අල් ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් ඊයේ (15) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඉතා සැලැසුම්සහගත ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 58 කි.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පවතින සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුලවන්නෝ අල් ෂෙබාබ් සටන්කාමීහුය. මොවුහු උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වති. සෝමාලි මූදු කොල්ලකරුවන්ට අවි ආයුධ ලබා දෙන්නේ ද මොවුන්ය.
නව දෙනකුගෙන් යුත් සටන්කාමීන් කණ්ඩායම පළමුවෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට කාර් බෝම්බ දෙකක් පුපුරුවා හැර ඇත. එම බෝම්බ ප‍්‍රහාර එක විට සිදුවූ අතර එයින් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දිගට හරහට වෙඩි තබමින් සටන්කාමීන් ඉන්පසු ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර ඔවුන් දකින දකින හැමෝටම වෙඩි තැබූ බව ද වාර්තා වේ. ප‍්‍රහාරය එල්ල වූයේ ඊයේ දහවල් 12.15 ට පමණය.
සටන්කාමීන්ගේ ප‍්‍රහාරය සැලවූ විගස හමුදා භට පිරිසක් ගොඩනැගිල්ල වට කළ අවස්ථාවේදී ගොඩනැගිල්ලේ වහළයට නැගගත් සටන්කමීන් තිදෙනකු හමුදා සෙබළුන්ට වෙඩි තැබූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ආරක්ෂක අංශ නිලධාරීන් සහ සටන්කාමීන් අතර පැය දෙකකට ආසන්න කාලයක් ගැටුම් පැවැතිණි. කෙසේ නමුත් අවසානයේදී ප‍්‍රහාරයට පැමිණි සටන්කාමීන් නව දෙනා මරා දැමීමට හමුදාව සමත් විය.
සෝමාලියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප‍්‍රධානී ඔගස්ටින් මගීයා කියා සිටියේ 2011 වසරේ දී මොගඩිෂු නගරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු අල් ෂෙබාබ් සටන්කාමීන් එල්ල කළ දරුණුතම ප‍්‍රහාරය මෙය බවය.
මියගිය පිරිස අතර කාන්තාවන් සහ එක් දරුවකු ද සිටින බව සෝමාලි ආරක්ෂක අංශ නිවේදනය කර ඇත. තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෝමාලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට බෝම්බ ප‍්‍රහාරයක්: වෙඩි වරුසාවක්