IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සැමියා මැරවේ පුටින්: නෙවල්නිගේ බිරිඳ කියයි

රුසියන් විපක්ෂ නායක තම සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බවත්, නෙවල්නි මියගියත්, ‘නිදහස් රුසියවක්’ වෙනුවෙන් ඔහු ආරම්භ කළ සටන අත්හැරීමට තමන් සූදානම් නැති බවත් නෙවල්නිගේ බිරිඳ යුලියා නවල්නායා පවසයි.

නෙවල්නිගේ බිරිඳ මෙසේ පැවැසුවේ, මිනිත්තු නවයක වීඩියෝ පටයක් හරහාය. එම වීඩියෝ පටය ඊයේ (19) මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ‘දින තුනකට කලින් ව්ලැදිමීර් පුටින් මගේ සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළා. ඒ සමඟ මගෙන් කොටසක් මියගියා. මගේ හදවතෙන් කොටසක්, ආත්මයෙන් කොටසක් මියගියා. මගේ සැමියා වෙනුවෙන් මම ඔහුගේ සටන අත්හරින්නේ නැහැ. දූෂණයෙන්, වංචාවෙන් තොර රුසියාවක් වෙනුවෙන් මගේ සැමියා ගෙන ගිය සටන මා ඉදිරියට ගෙන යනවා. මගේ රට වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් මා සටන් කරනවා. නිදහස් රුසියාවක් ගොඩනැගීමේ සටනට ඔබ සැම මා සමඟ එක් වේවි යැයි මා විහ්වාස කරනවා’ යැයි යුලියා, රුසියානුවන් අමතමින් පැවැසුවේ කඳු පිරි දෙනෙතිනි. 47 හැවිරිදි යුලියා, ආර්ථික විශේෂඥවරියකි.

වෘත්තීය නීතීඥයකු පමණක් නොව, පසුව සමාජ ක්‍රියාකාරියකු ද වූ නෙවල්නි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක් වූයේ, පුටින්ගේ දූෂණ වංචා අනාවරණය කළ බැවිනි. රාජ්‍ය ද්‍රෝහී චෝදනාවලට වරදකරු වීමෙන් පසු, රුසියන් බලධාරීන් නෙවල්නි රුසියාවේ සයිබීරියාවට අයත් ආක්ටික් කලාපයේ දැඩි සීතල ප්‍රදේශයක පිහිටි බන්ධනාගාරයකට යවනු ලැබ තිබුණි. පසුගිය සිකුරාදා (16) නෙවල්නි හිටිහැටියේ මියගියේ එම බන්ධනාගාරයේ සිටිද්දීය. නෙවල්නිගේ දේහය තවමත් ඔහුගේ මවට හෝ පවුලේ අයට බාර දී නැතැයි ද පැවැසෙයි.



අදහස් (0)

සැමියා මැරවේ පුටින්: නෙවල්නිගේ බිරිඳ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site