IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නෑ

සිම්බාබ්වේ රාජ්‍යයේ ඉකුත් 31 වැනිදා පැවැති ජනපතිවරණය නිදහස් සහ සාධාරණ ජනපතිවරණයක් ලෙස තමන් පිළි නොගන්නා හෙයින්, එරටට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ජනපතිවරණයෙන් ද යළිත් වරක් ජයග‍්‍රහණය කළේ, වසර 33 ක් බලයේ සිටින ජනපති රොබට් මුගාබේය. ඔහු පරාජය කිරීමට ඔහුගේ ප‍්‍රතිවාදියා මෙන්ම එරට අගමැතිවරයා ලෙස ද කටයුතු කරන මෝගන් ස්වංගිරායි උත්සහ කළ ද එය අසාර්ථක විය.

බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සිම්බාබ්බේ රාජ්‍යයට නිදහස ලැබුණේ 1980 වසරේදීය. එදා සිට මේ දක්වා රට පාලනය කරන්නේ මුගාබේ සහ ඔහුගේ පක්ෂයයි. අපි‍්‍රකා රාජ්‍යයක දීර්ඝ කාලයක් පාලනයේ සිටින එකම ජනාධිපතිවරයා ද රොබට් මුගාබේ ය.

සිම්බාබ්වේ රාජ්‍යයේ අවසන් වරට මැතිවරණයක් පැවැත් වුණේ 2008 වසරේදීය. එම මැතිවරණයේ පළමු වටයේදී ස්වංගිරායි ජයග‍්‍රහණය කළේය. එහෙත් මුගාබේ සහ ඔහුගේ පාලක පක්ෂය එම ඡන්ද ප‍්‍රතිඵල පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.
මැතිවරණයේ දෙවැනි වටයෙන් කාගේත් පුදුමයට හේතුවන පරිදි මුගාබේ ජය හිමිකර ගත්තේය. ඒ අනුව දිගටම බලයේ රැඳී සිටීමට මුගාබේට හැකිවිණි. ස්වංගිරායි කියා සිටියේ එම ඡුන්ද ප‍්‍රතිඵලය පිළිගත නොහැකි බවය. එම අවස්ථාවේදී ඇමෙරිකාව සහාය දුන්නේ විපක්ෂ නායක ස්වංගිරායිටය.

ඒ අනුව 2008 වසරේ දී, මාස ගණනාවක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යයේ පැවැති දේශපාලන අර්බුදය සමතයකට පත් වූයේ විපක්ෂය සමඟ බලය බෙදා ගැනීමට 89 හැවිරිදි මුගාබේ ඔහුගේ පක්ෂය සමත් වීමෙන් පසුවය. කෙසේ නමුත් එය ඇමෙරිකා රජයේ සතුටට හේතුවක් නොවිණි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සිම්බාබ්වේ රාජ්‍යයට සම්බාධක දැම්මේ ඒ අනුවය.
 



අදහස් (0)

සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නෑ

අමිත Thursday, 22 August 2013 02:00 PM

තමන්ට ගොට්ට අල්ලන්නෙ නැති අයට දෙන දඬුවමනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site