IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


සිම්බාබ්වේ නියඟයෙන් අලි 55ක් මියයති

සිම්බාබ්වේ හවන්ගේ ජාතික උද්‍යානයේ අලි 55 දෙනෙකු පමණ පසුගිය මාස දෙක ඇතුළත සාගින්නෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශයට බලපැවැත්වූ දරුණු නියඟය හේතුවෙන් ආහාර හා ජලය හිඟවීමෙන් මෙම කනගාටුදායක තත්ත්වය උදාවී ඇත.

උද්‍යානයේ අලි 50,000ක් පමණ වෙසෙන අතර නියඟයෙන් ගස්වැල් බොහොමයක් මැරීගොස් ඇති අතර ජල උල්පත් ද සිඳී ගොස් ඇත.

රජයෙන් උද්‍යානය නඩත්තුවට මුදල් නොලැබෙන හෙයින් සතුන්ට ජලය සැපයීම සඳහා ළිං කැණීම ගැටලුවක් වී ඇතැයි බලධාරීහු පවසති.

සතුන්ට පමණක් නොව මිනිසුන්ට ද මෙම නියං තත්ත්වය දැඩිලෙස බලපා ඇති අතර සිම්බාබ්වේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ආහාර හිඟයෙන් පෙළෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.

සිම්බාබ්වේ දේශය මේවන විට දැඩි ආර්ථික අර්බුදයකට ද ලක්ව සිටියි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

සිම්බාබ්වේ නියඟයෙන් අලි 55ක් මියයති

lanka Tuesday, 22 October 2019 04:53 PM

සුද්දෝ පාලනය කලානම් අදටත් මිනිස්සුන්ට කොච්චර ලස්සනට ජිවත් වෙන්න තිබුනද ? ජනතාව නිකන් බොරුවට තමන්ගේම රටේ කළු සුද්දොන්ට බලය දීල ඉල්ලන් කාපු හොඳම උදාහරණයක් තමයි සිම්බාබ්වේ . අන්තිමේට මුගාබේ කලෙත් රටේ සල්ලි ටික හොරකම් කරලා සුද්දන්ගේ රටවල් වල තැම්පත් කරලා සැප ගන්න සුද්දන්ගේ රටවල් වල සංචාරය කරපු එක තමයි . එහෙයි මෙහෙයි කිසි වෙනසක් නැහැ .

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site