IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සම්ප්‍රදාය කඩ කරමින් ට්‍රම්ප් නිදහස් දිනය සමරයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ කරමින් ඔහුට වුවමනා පරිදි ජූලි (4)වැනිදා නිදහස් දිනය සැමරීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය අද, ජූලි 4 වැනිදාට යෙදී තිබේ. ජූලි 4 වැනිදා ඇමෙරිකාවේ ජාතික නිවාඩු දිනයක් වන අතර සාමාන්‍යයෙන් ජනතාව උද්‍යානවලට ගොස් කා බී විනෝද වෙති. එමෙන්ම එරට ජාතික ධජය ද ඔසවන අතර කිසිදු දේශපාලන කටයුත්තක් සිදු නොවේ.

ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වීම සිහිපත් කරමින් මෙලෙස ජාතික දිනය සැමරේ. ඇමෙරිකා එක්සත් ජනපදය 1776 වසරේ ජූලි 4 වැනිදා එලෙස නිදහස ලැබූ අතර බ්‍රිතාන්‍යය පාලනය යටතේ පැවැති කොලනි 13 ස්වාධීන ප්‍රාන්ත ලෙසත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු ප්‍රාන්ත 13 ලෙසත් නම් කිරීම සිහිපත් කිරීම ද එහි ප්‍රධාන අරමුණක් වේ.

බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස ලැබූ එම ප්‍රාන්ත 13 ඇමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් වූ පළමු ප්‍රාන්ත 13 යනුවෙන් ද හැඳින්වේ. 

නිදහස් දිනයේදී හමුදා පෙළපාලි කිසිවක් නොපැවත්වෙන අතර එහෙත් මෙවර එය වෙනස් ආකාරයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැලසුම් සකස් කර තිබිණි. 

වොෂින්ටන් අගනුවර මධ්‍යයේ යුද ටැංකි ද, ඉහළ අහසේ ප්‍රහාරක ගුවන් යානා, ලින්කන් අනුස්මරණ ස්මාරකය ඉදිරියේ සිට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කතාවක් ද පැවැත්වෙනවා යනුවෙන් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය “ජීවිත කාලයේ සංදර්ශනය” කිරීමට සූදානම් වන බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි. 

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සම්ප්‍රදාය කඩකළ බවට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබිණි. ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන අතර එය අයත් වන්නේ කොලොම්බියානු දිස්ත්‍රික්කයටය. කොලොම්බියානු දිස්ත්‍රික් ආණ්ඩුව ට්‍රම්ප්ගේ නිදහස් දින සැමරුමට මුදල් ලබා නොදෙන බව සඳහන් කර තිබිණි.

ජනාධිපතිවරයාට වෙන් කෙරෙන මුදලින් හෝ තමා නිදහස් දින සැමරුම් උත්සවය පවත්වන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබිණි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්ප්‍රදාය අනුව නිදහස් දිනය අපක්ෂපාතීව පැවැත්වේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා එම සම්ප්‍රදාය කඩ කරමින් නිදහස් දිනය ඔහුගේ උත්සවයක් කරගනිමින් ඊට දේශපාලනය සම්බන්ධ කර ඇතැයි බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. 

“අපගේ නිදහස් දිනය ජූලි 4 වැනිදාට යෙදී තිබෙනවා. ලින්කන් අනුස්මරණ ස්මාරකය ඉදිරියේ සිට අපි ඇමෙරිකාවට ආචාර කරනවා. එය ඉතා විශාලයි. එය ජීවිතකාලයටම වරක් පැවැත්වෙන දැවැන්ත සංදර්ශනයක්” යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය. 

“ලෝකයේ විශිෂ්ටතම ආර්ථිකය තිබෙන්නේ අපිට. කිසිදු රටකට අපට වගේ ආර්ථිකයක් නැහැ. ලෝකයේ හොඳම හමුදාව සිටින්නේ අපට. නරකක් නැහැ” යැයි ද ට්‍රම්ප් කීවේය. 

“නිදහස් දිනය කියන්නේ මිනිස්සු තමන්ගේ වෙනස්කම් පැත්තකින් තියලා එකමුතුව ඉන්න දවසක්. නිදහස් දිනය දවසට මිනිස්සු දේශපාලනය කතා කරන්නේ නැහැ. හැමෝම ඇමෙරිකා ධජය ඔසවනවා. ඊට පස්සේ ජූලි 5 වැනිදා සාමාන්‍ය විදියට වැඩ කරනවා” යැයි ඇමෙරිකාවේ මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳව විශේෂඥයකු හා මහාචාර්යවරයකු වන රිච් හැන්ලී පැවැසීය.

එහෙත් මේ වසරේදී එම සම්ප්‍රදාය කඩ වී ඇති බවත් නිදහස් දිනය පිටපතකට අනුව සිදුවන බවත් හැන්ලී කීය.

ඒ.එෆ්.පී. ඇසුරිනි

055



අදහස් (0)

සම්ප්‍රදාය කඩ කරමින් ට්‍රම්ප් නිදහස් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site