වර්තමාන ශී‍්‍ර ලංකාවේ පහළ වූ රටට දැයට මෙන්ම බුද්ධ ශාසනයට ද ඉමහත් සේවයක් සිදුකළ වාදීභසිංහ මාදුළුවාවේ සෝභිත මාහිමියන් ගේ අපවත් වීම මුළු මහත් බෞද්ධ ලෝකයටම විශාල පාඩුවක් බව පැරිස් බෞද්ධ මධස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ අපවත්වූ මාදුළුවාවේ සෝභිත නාහිමියන් සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
එහි මෙසේ දැක්වේ.
‘බුද්ධ වචනයට අනුව සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍යතාවය පසක් කරමින් සදහටම දෙනෙත් පියාගත් සෝභිත හිමියන් සිදුකළ ජාතික ආගමික හා සාමාජික සේවාව කිසි දිනක කිසිවකුටත් අමතක නොවනු ඇත.
දේශපාලන වශයෙන් විවිධ මත දැරුවත් උන්වහන්සේ සැමදා විපක්ෂයේ සිටි බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටට දැයට යම් ව්‍යසනයක් වන බව දුටු උන්වහන්සේගේ ජාතික සංඝ සම්මේලනය පෙරටු කොට නැඟී සිටි අවස්ථා අපට මතකය. ජේ ආර් ජයවර්ධන යුගයේ ඉන්දියා හමුදා ආගමනයට විරුද්ධව පිටකොටුවේ සිදු කළ සත්‍යග‍්‍රහයේ දී උන්වහන්සේ ගේ ජීවිතය බේරුණේ අසීරුවෙනි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ යුගයේ කරන ලද ඇතැම් ප‍්‍රතිසංස්කරණ වලට විරුද්ධව උන්වහන්සේ නැගී සිටි ආකාරය ද අපට මතකය. ජාතියේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කළ අවස්ථා වලදී පහර කෑමට පවා උන්වහන්සේ ලක් විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හා උන්වහන්සේ ජේ ආර් ජයවර්ධන යුගයේ දී මැරවරයන්ගෙන් පහර කෑමට ලක් වූයේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් පැවති සමුළුවකදී ය. අවසාන වශයෙන් යහපාලනය ඇති කිරීමට සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය උන්වහන්සේ බලාපොරොත්තු වූ දේ සිදු නොවුණු විට නිර්භයව එය විවේචනය කරමින් වත්මන් රජය තමන්ට පා පහර දී ඇති බවත් ගෝඨාභය මහතා කරන ලද දේ වත් රැක ගැනීමට අපහසු බවත් වේදනාවෙන් ප‍්‍රකාශ කළහ.
උන්වහන්සේ තම ධර්මදේශනා වලින් පවා නිදා සිටි ජනතාව අවදි කිරීමට උත්සහ කළහ. සමාජය යහමග යැවීමට උන්වහන්සේ විසින් රට පුරා කරන ලද ධර්ම දේශනා දහස් ගණනකි.
කවරකුගේ වුවද ආරාධනයක් ප‍්‍රතික්ෂේප නොකළ උන්වහන්සේ උස් පහත්කම් නොබලා සැම දෙනාගේම ආරාධනා වලට වැඩම කළහ. බොහෝ අවස්ථාවල නිදිවරමින් මහජනයාගේ කටයුතු වලට කැප වූ ආකාරය අප සියැසින් දැක තිබේ.
සමාජ සේවාවලදී උන්වහන්සේ සිදු කරන ලද කාර්යභාරය කියා නිමකළ නොහැකි තරම් ය. මායිම් ගම්මාන ලෙස යුද සමයේ හැඳින් වූ ප‍්‍රදේශ වල ජනතාව වෙනුවෙන් නිවාස සාදා දීමට ජනතාව දැනුවත් කරමින් සිදු කළ සේවය ඉතා විශාලය.
ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම මගින් සංවිධානය කළ අසරණ සරණ සේවාවන් වලදී සෝභිත හිමිපාණන් දක්වන ලද මගපෙන්වීම කිසි සේත් ම සුළුපටු නොවේ. 1994 වසරේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පවත්වන ලද ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ උත්සවයේ උන්වහන්සේ විසින් කරන ලද දේශනය නිසා එම වැඩසටහන ඉදිරියට ගෙන යන්නට ලැබුණු සහයෝගය බෙහෙවින් ම අගය කළ යුතුය. කැබිතිගොල්ලෑව ඛේදවාචකය නිමිති කරගෙන අප මෙහෙය වූ වැඩසටහන සහභාගී වී උන්වහන්සේ සිදු කළ දේශනය අසරණ ජනතාවය මහත් අස්වැසිල්ලක් විය. අප ආරම්භ කළ දිවයින පුරා ගස් ලක්ෂ දෙකක් සිටුවීම වෙනුවෙන් උන්වහන්සේ ලබා දුන් දිරිමත් කිරීමද කෘතවේදීව සිහි කළ යුතුය. රණවිරු පවුල් වෙනුවෙන් කරන ලද සුභසාධනයන්ට සහ ප‍්‍රංශයේ ශී‍්‍ර ලාංකික සංවිධානය මගින් හමුදාවේ යහපත වෙනුවෙන් කරන ලද බොහෝ කටයුතු වලට අනුශාසකත්වය සපයා දෙමින් එම කටයුතු වලට සහභාගී වෙමින් නන් අයුරින් උන්වහන්සේ ලබා දුන් සහය තවමත් ප‍්‍රංශයේ සිටින ජනතාවගේ මෙන්ම එවක සිටි යුධ හමුදා සේනාංක වලටද අමතක නොවන සටහනකි.
උන්වහන්සේ ගෙන් සිදු වූ සේවය පොත් ගණනාවක වුවද ලියා අවසන් කළ නොහැකි තරම් ය. එවන් අපරිමිත සේවාවන් රාශියක් රටට ජාතියට බුද්ධ ශාසනයට සිදු කරමින් දශක ගණනාවක් තිස්සේ කෝට්ටේ නාග විහාරාධිපති හිමියන් ලෙස සෝභිත මාහිමියන් කරන ලද අපරිමිත සේවාවට සියළු ශී‍්‍ර ලාංකිකයන් ගේ උපහාරය හිමි විය යුතුය. අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේ ට නිවන් සැප ලැබේවා.‘
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සෝභිත හිමි අපවත්වීම බෞද්ධ ලෝකයටම පාඩුවක්‘ - පරවාහැර චන්දරතන හිමි
සුජාතා Monday, 09 November 2015 10:25 AM
ස්වාමිනි ඔබවහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේවා (ම)
ඉනෝකා-එංගලන්තය Monday, 09 November 2015 10:37 AM
ජනතාව වෙනුවෙන් අමරණීය සේවයක් කල යතිවරයාණෙනි. ඔබ වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා....! (ර)
උපුල් Monday, 09 November 2015 12:57 PM
සියතට රැගෙන දුක පිරි ජන අරගලය උජුපටිපන්න ගුණ හෙබි තැන් අපමණය දැයට ද නාග වෙහෙරටම ද කළුවරය දහමට අනුව සදහම් මිණ නිසසලය (බ)
ගීතානි Tuesday, 10 November 2015 08:03 PM
ඔබවහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේවා! (නි)
නීතා Monday, 09 November 2015 03:14 PM
ගෞරවනීය සෝභිත නාහිමියන් රට,ජාතිය උදෙසා කළ මෙහෙවර අනගිභවනීයයි. උන්වහන්සේට නිවන් සුව! (නි)
චාමර Tuesday, 10 November 2015 10:40 PM
කරුණාපාල සමඟ මමත් එකඟයි (නි)
ඉන්දු Monday, 09 November 2015 04:17 PM
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
කරුණාපාල Tuesday, 10 November 2015 11:25 AM
සැබෑ බෞද්ධයෙකු ලෙස, සත්‍යවාදී බව, පක්ෂපාති නොවන බව, වගේම නිර්භීත කමත් උන්වහන්සේගේ ජිවිත කාලය තුලදීම අපට වටහා දුන්නා. උන්වහන්සේ බෞද්ධ දර්ශනයට මෙන්ම මේ රටේ ජනතාවටත් එකසේ ආදරය කළා ඒ වගේම ගරු කළා. වහල් මනසක් වෙනුවට, නිදහස් දියුණු මනසක් ඇතිකර ගැනීමට අවශ්‍ය ධර්ම දානය උන්වහන්සේ නොමසුරුව අපිට ලබා දුන්නා. මිනිසුන්ගේ හදවත් තුල අපවත් නොවුන, ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (ර)
රොහාන් දයාදර පැරිස් Monday, 09 November 2015 09:39 AM
සාදු..සාදු ..සාදු ..(ම)
වරුණ Monday, 09 November 2015 10:05 AM
රටේ හා ජනතාවගේ අවාසනාව. (ර)