IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සබ්මැරීනය අතුරුදන් වුණේ පුපුරා ගිය නිසා

‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළේ පීඩනයට ලක්වී පොඩි පට්ටම් වී පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මෙන්ම ඇමෙරිකන් නාවික හමුදාව ද පවසයි.

පස් දෙනකුගෙන් සමන්විත ‘ටයිටන්’ සබ්මැරීනය මුහුදු පතුළට කිමිඳීම ආරම්භ කළේ පසුගිය 18 වැනිදා රාත්‍රියේය. ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇත්තේ මීටර් 3,800 ක් මුහුදු පතුළේය.

‘ටයිටන්’ සබ්මැරීනයට මුහුදු මතුපිට සිට එම සුන්බුන් ඇති ස්ථානයට ගත වන කාලය පැය 2 1/2 කි. සබ්මැරීනය සමඟ සියලු සබඳතා නැවැතී ගියේත්, සබ්මැරීනය අතුරුදන් වූයේත් පැය 1 යි මිනිත්තු 45 ක් යද්දීය.

සබ්මැරීනය අතුරුදන් වූ බව පැවැසුණු වේලාවේ, ඒ අවට මුහුදු කලාපයේ සිටි ඇමෙරිකන් නාවික හමුදා යත්‍රාවලට සෝනාර් තාක්ෂණය ඔස්සේ කිසියම් පිපිරීමක හඬක් ඇසී ඇත. නාවික හමුදාව සහ වෙරළාරක්ෂකයන් දැන් පවසන්නේ පසුගිය 19 වැනිදා ඔවුන්ට අසන්න ලැබුණු එම හඬ සබ්මැරීනය පුපුරා යෑම බවය.

සබ්මැරීනයේ ඔක්සිජන් පැය 96 කට ප්‍රමාණවත් වූ අතර, එය ඊයේ (22) සවස අවසන් විය. ඒ අනුව සබ්මැරීනයේ සිටි පස් දෙනාගේ ඉරණම ද තීන්දු විය.

ඊයේ (22) සවස සබ්මැරීනය සොයා සෝදිසි මෙහෙයුමට එක් වී සිටි ප්‍රංශ කිමිඳුම් යානාවකට, ටයිටැනික් නැවේ සුන්බුන් අසලදී, ‘ටයිටන්’ සබ්මැරීනයේ පහළ කොටස් සහ වල්ගයේ කොටස් හමුවුණු බවය. තහවුරු නොවුණත් ඒවා යානයේ කොටස් යැයි සැක කෙරේ.



අදහස් (1)

සබ්මැරීනය අතුරුදන් වුණේ පුපුරා ගිය නිසා

Hira Friday, 23 June 2023 12:28 PM

දෙවියන් වහස්නේගේ කැමැත්ත

:       18       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site