IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සුපිරි වීරයෝ දරුවන් මවිත කරති

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නගරයේ රෝහලක ජනේල පිරිසිදු කිරීමේ යෙදුණු ‘‘සුපිරි වීරයන් ‘‘ කිහිප දෙනෙකු කැමරාවට හසුවූයේ මෙසේය.රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන් මවිත කිරීමේ අරමුණින් රෝහල් බලධාරීන් සැළසුම් කළ වැඩසටහනකට අනුව සුපිරි වීරයන් ලෙස හැඩගැන්වූ සේවකයින් රෝහලේ ජනේල පිරිසිදු කිරීමට යොදවා තිබුණි.

තම හදගත් සුපිරි වීරයන් තමන්ගේ වාට්ටු වල ජනේල පිරිසිදු කරනවා දුටු කුඩා දරුවන් මවිතයටත් සතුටටත් පත්වූ බව රෝහල් බළධරයෝ කියති.

ජනේල පිරිසිදු කිරීමේ යෙදුණු ‘‘සුපිරි වීරයන්‘‘ අතර බැට් මෑන්,ස්පයිඩර් මෑන් හා සුපර් මෑන් වැන්නන් විය.මොවුන් සියල්ලම පාහේ කුඩා දරුවන් නරඹන ප්‍රකට කාටූන් වැඩසටහන් වල චරිතයන් වේ.



අදහස් (0)

සුපිරි වීරයෝ දරුවන් මවිත කරති

තාරක Wednesday, 13 February 2013 02:17 PM

අපිත් ආසයි ඔය වගේ වැඩ බලන්න (දී)

:       0       0

විජේ Thursday, 14 February 2013 01:19 AM

එතකොට ඉන්විසිබල් මෑන් හිටියේ නැද්ද? (නි)

:       0       0

ලියනගේ Thursday, 14 February 2013 04:46 AM

සමහරු ඇමරිකාවට බැණ බැණ ඒ පැත්තටම සැප ගන්න යනවා. අපේ දරුවන් ගැන ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. (නි)

:       0       0

විජිත් Friday, 15 February 2013 04:28 AM

අපේ රටට අපහාස කරන්න කරපු වැඩක්.. (නි)

:       0       0

ඉෂාර Thursday, 14 February 2013 08:29 AM

විජේ, එයත් ඉන්නවා. ඉන්විසිබල් නිසා පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

කෞශල්‍යා Thursday, 14 February 2013 07:05 PM

ඔන්න මරු වැඩ.ඇත්තටම නියමයි. (නි)

:       0       0

දිසා Friday, 15 February 2013 07:53 AM

මේවා මෙහේ සුලභ දසුන්. (නි)

:       0       0

රූමි Thursday, 14 February 2013 10:27 AM

කෝ මේ ටාසන් බාප්පයි රොබින් මාමයි මෙතන නැහැනේ ඒ ඇයි?(ස)

:       0       0

වජිර Friday, 15 February 2013 08:03 AM

නිර්මාණශීලීව හිතන්න අපිත් පුරුදු වෙමු. (නි)

:       0       0

ශාන්ත Wednesday, 13 February 2013 08:46 PM

මරදානේ චොප්පේ, මොරටු සමන්, ගෝනවල සුනිල්.... මෙන්න අපේ වීරයෝ. (නි)

:       0       0

නීලා Wednesday, 13 February 2013 01:08 PM

නියමයිනේ. පොඩි අය හොදට සන්තෝෂ වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Wednesday, 13 February 2013 01:11 PM

අපේ රටටත් වීරයින් අවශ්‍ය කරන කාලයක් ඇවිල්ලා. (නි)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 01:19 PM

ඇමරිකාවට ඇම්රිකා කියන්නේ නිකන් නෙමෙයිනේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 01:36 PM

අපේ රටේ දේශපාලන කරළියේ ඉන්න වීරයින්ව තරම් අපිට නම් ඔය වීරයින්ව වටින්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Wednesday, 13 February 2013 01:40 PM

අපේ අයියලා නම් පොඩි ළමයින්ට වැඩ කරන්න කියලා එයාලා නිදිය ගනියි. (නි)

:       0       0

දෝහා Wednesday, 13 February 2013 01:43 PM

ඒක අගය කරන්න වටින වැදගත් වැඩක්. (නි)

:       0       0

දම්මි Wednesday, 13 February 2013 01:58 PM

අපේ දරුවෝ නම් ඔලුව එළියට දාලා අහවි, "අන්කල්, ඔය සූට් එකට දහදිය දාන්නේ‍‍ නැද්ද " කියලා. (නි)

:       0       0

රසෙල් Wednesday, 13 February 2013 10:24 PM

සුපර් හීරෝස්ලා මේ වැඩේ දැනගත්තා නම් දිවි නහගනීවි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 10:41 PM

අපේ රටේ කළා නම් උණ බම්බු වලින් පලංචිත් ගහයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 642 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17661 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site