IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන්ට ඇප

මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා තිරගත වන ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ, ප්‍රඡාන චරිතයට පණ දෙන, ජනප්‍රිය තෙලිගු නළු අල්ලු අර්ජුන් පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ඇප මත නිදහස් කෙරුණි.

අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගැණුනේ, ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ මංගල දර්ශනයකට අල්ලු අර්ජුන් සහභාගී වූ අවස්ථාවේදී, ඔහුගේ රසික රසිකාවියන් පොරකමින්, ඔහු දැක ගැනීමට උත්සාහ ගනිද්දී, එතැන සිටි එක් කාන්තාවක් තෙරපී මියයෑම සහ ඇගේ දරුවා තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි. මියගියේ රේවතී නමැති 39 හැවිරිදි කාන්තාවකි.

තෙරපීම සිදුවෙද්දී, එම මංගල දර්ශනයට, අල්ලු අර්ජුන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ස්නේහා රෙඩ්ඩි සහ ‘පුෂ්පා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි රශ්මිකා මන්දනා ද සහභාගී වී සිටියහ. 

මියගිය රේවතීගේ සැමියා සහ ඥාතීන් විසින් අල්ලු අර්ජුන් චූදිතයකු ලෙස නම් කරමින් පැමිණිල්ලක් ගොනු කරන ලද අතර, ඒ අනුව, හයිද්‍රාබාද්හි ප්‍රාදේශීය අධිකරණයක් අල්ලු අර්ජුන් දින 14 ක අධිකරණ භාරයට යවන ලදී. 

කෙසේ නමුක් පසුව, තෙලන්ගානා මහාධිකරණය අතුරු ඇපයක් මත අල්ලු අර්ජුන් නිදහස් කරනු ලැබූ අතර, නිදහස ලැබීමෙන් පසු මාධ්‍ය හමුවට පැමිණෙමින් අල්ලු අර්ජුන් කියා සිටියේ, මියගිය එම රසිකාවිය සහ ඇයගේ පවුලේ අය වෙනුවෙන් තමන් දැඩි ලෙස ශෝකය ප්‍රකාශ කරන බවත්, ඔවුන් වෙනුවෙන්, පෞද්ගලිකව තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරන බවත්ය.



අදහස් (0)

සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site