IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය රුසියන් හමුදා කඳවුරක්

යුක්රේනයේ ‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය, රුසියානු හමුදා යුක්රේන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා හමුදා කඳවුරක් බවට පත් කරගෙන ඇතැයි යුක්රේනය චෝදනා කරයි.

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙස සැලකෙන ‘සැපොරීෂා’ වෙත ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් යුක්රේනය සහ රුසියාව දෙපාර්ශ්වයට චෝදනා එල්ල කර ගත්තේය.

රුසියාව ‘සැපොරීෂා’ වෙත රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි යුක්රේනය චෝදනා කළ අතර යුක්රේනය රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි රුසියාව චෝදනා කළේය.

රුසියානු සොල්දාදුවන් 500 පමණක් සැපොරීෂා න්‍යෂ්ටික බලාගාරයේ සිටින බවත් රොකට් විදිනයන් එහි ස්ථානගත කර ඇති බවත් යුක්රේනය පැවසුවේය.

සැපොරීෂා න්‍යෂ්ටික බලාගාරයට කුමන හෝ පාර්ශවයක් විසින් ප්‍රහාර එල්ල කිරීම සියදිවි හානි කර ගැනීමකට සමාන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ චෝදනා වල සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කිරීම සඳහා  ජාත්‍යන්තර පරීක්ෂකවරුන්ට සැපොරීෂා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රවේශය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

‘සැපොරීෂා’ න්‍යෂ්ටික බලාගාරය රුසියන් හමුදා කඳවුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site