IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම අද

දෙදහස්එක වර්ෂයේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමේ 11 වැනි සංවත්සරය අදට(11) යෙදී තිබෙන අතර ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම පිණිස ජනපති බැරැක් ඔබාමා ඇතුළු ඇමෙරිකානුවන් සූදානමින් සිටින බව වාර්තා වේ. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ප‍්‍රහාරයට බිලි වූ ඇමෙරිකානුවන්ටත් තම මාතෘ භූමියෙන් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි සටන්භූමියේදී රට වෙනුවෙන් දිවි පි¥ හමුදා භටයන්ටත් තමා ගෞරව කරන බව ජනපති ඔබාමා 11 වැනි සැමරුම නිමිත්තෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය. පැහැරගත් ගුවන්යානා දෙකකින් අල් කයිඩා සටන්කාමීන් නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට කඩා වැදුණේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. අනතුරුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලූනු දෙක මුළුමනින්ම කඩා වැටීමට ගතවූයේ පැය කිහිපයකි. මීට අමතරව සටන්කාමීන් පැහැරගත් එක් ගුවන් යානයක් පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානයට කඩා වැදුණි. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන්ග‍්‍රන්ථ බොහොමයක් රචනා විය. එම ග‍්‍රන්ථවල දක්නට ලැබුණු විශේෂත්වයක් නම් ඒවායේ කතුවරුන් එක් කරුණක් සම්බන්ධයෙන් එකඟතාව පළ කර තිබීමයි. එනම් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිඳ වැට්ටවීම ක‍්‍රමානුකූලව සිදු කරන ලද්දක් බවයි. කෙසේවෙතත් මේ ප‍්‍රහාරයට වගකිවයුතු බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ අල් කයිඩා සංවිධානයට සහ තලෙයිබාන් සටන්කාමීන්ටය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ ඇමෙරිකා හමුදාව එහි තිබූ තලෙයිබාන් පාලනය පෙරළා දැමීය.



අදහස් (0)

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site