සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණික බෝට්ටු 3 ක ගමන් කරමින් සිටි පුද්ගලයන් 300 දෙනකු පමණ ස්පාඤ්ඤය ආසන්න මුහුදේ දී අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම බෝට්ටු කැනරි දූපතක් වන ටෙනරීෆ් වෙත කිලෝමීටර 1700ක් දුරින් පිහිටි සෙනගාලයේ සිට ගමන් අරඹා තිබූ බව ද වාර්තා වේ. සෙනගාලය යනු දිළිඳුබවින් මිරිකී ගිය රාජ්‍යයකි. දේශපාලන අර්බුදවලින් ද රට අස්ථාවර වී ඇත. ස්පාඤ්ඤයට පලා යමින් සිට ඇත්තේ එම අර්බුදවලින් පීඩාවට පත්වුණු වැසියන් පිරිසකි.
බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති කැනරි දූපත් ස්පාඤ්ඤය බලා යන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන ගමනාන්තයක් වන අතර, බොහෝ පිරිසක් ඒ හරහා පලායෑමට ගොස් අනතුරට ලක්වන බවයි විදෙස් පුවත් සේවා පැහැදිලි කර තිබේ.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පාඤ්ඤ මුහුදේ සංක්‍රමණික බෝට්ටු ගිලී 300 ක් අතුරුදන්