ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් ද සඳේ රහස් සෙවීමේ අරමුණින් සඳට යානයක් පිටත් කර හැරියේය. සඳට ගොඩබෑමට සැලැසුම් කර ඇති මෙම රොබෝ යානය, ‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ යනුවෙන් හැඳින්වෙයි. ජපානය සඳට ගොඩබෑමට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව මෙයයි.
චන්ද්‍ර යානය අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ ‘එච්-2ඒ’ රොකට්ටුවේ ආධාරයෙනි. අයහපත් කාලගුණය නිසා දින ගණනක ප්‍රමාදයකින් පසු රොකට්ටුව උඩුගුවන බලා ගියේ ඊයේ (6) දිනයේය. රොකට්ටුවෙන් මුදා හැරෙන චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට ළං වීමට දින කීපයක් ගතවනු ඇත.
‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ සුවිශේෂී එකකි. යානය ගොඩබෑම සිදු කරනු ඇත්තේ නව ක්‍රමවේදයකටය. මෙය සඳුගේ කක්ෂයට ඇතුළුවීමෙන් වී පහළට යද්දී, මීටර් සියයක ඇතුළත එක් නිශ්චිත ස්ථානයකට (ඉලක්කයකට) ගොඩබෑම සිදු කරයි. යානය ‘මූන් ස්නයිපර්’ යනුවෙන් නම් කර ඇත්තේ ද එබැවිනි.
‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ චන්ද්‍ර යානයට අමතරව, අභ්‍යවකාශ චන්ද්‍රිකාවක් ද ‘එච්-2ඒ’ රොකට්ටුව උඩු ගුවනට රැගෙන ගියේය. මෙම චන්ද්‍රිකාව, එක්තරා ආකාරයක අභ්‍යවකාශ දුරේක්ෂයකි. මෙය අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.
‘නව ඇසකින්’ විශ්වයේ රහස් සෙවීම මෙහි අරමුණ බව ජපන් අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජපාන අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ජැක්සා’ මෙම දුරේක්ෂය නිපදවා ඇත්තේ, ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනයේ ද එකමුතුවෙනි. ඊට අමතරව, යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ සහ කැනඩා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්ගේ සහාය ද මෙම දුරේක්ෂ චන්ද්‍රිකාව නිපදවීමට ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සඳේ රහස් සොයන්න ජපානයත් යානයක් යවයි