සඳ මත හයවන වරට පා තැබූ මිනිසා වන ඇමරිකානු ගගනගාමී එඩ්ගා මිචෙල් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 85ක් විය. ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සාත්තු නිවාසයකදී මියයන විට එඩ්ගා සඳමත පා තබා අවුරුදු 45ක් සම්පූර්ණ වීමට තව දිනයක් ඉතිරිව තිබූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත.
1971 ඇපලෝ 14 යානයෙන් සඳමත පා තැබූ එඩ්ගා සඳමත අත්හදා බැලීම් සිදුකරමින් පැය නවයක් ගත කර ඇත. ඔහු මීටර් 365ක් සඳමත ගමන් කර ඇති අතර එය සඳ මත ඇවිදින ලද වැඩිම දුර ප්‍රමාණය ලෙස ඉතිහාස ගතවී ඇත. පරීක්ෂණ කටයුතු සඳහා චන්ද්‍ර පාෂාණ විශාල ප්‍රමාණයක් ද ඔහු ගෙනවිත් තිබුණු බව සඳහන් වේ.
සඳමත පා තබා ඇති අජටාකාශ ගාමීන් 12දෙනාගෙන් මේ වන විට එඩ්ගාත් සමග පස් දෙනෙක් මිය ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සඳ මත හයවන වරට පා තැබූ මිනිසා මියයයි
අබරන් Thursday, 11 February 2016 09:41 AM
මොහු සඳ මත පා තැබුවත්, විශ්වයෙහි සැරි සැරුවත්, විශ්වය යනු කාගේ හෝ අගනා විශ්මිත නිර්මාණයක් බව ඔහුගේ විශ්වාසය විය. එය ඔහු ලියු "ද වේ ඔෆ් ද එක්ස්ප්ලෝරර්" පොතෙහි සඳහන් වෙයි. (ර)