ඉන්දුනීසියාවට 2004 වසරේදී කඩා වැදුණු මහා සුනාමියට හසුවී මුහුදට ගසාගෙන ගොස් පණ බේරා ගත් දැරියක, සුනාමි ව්‍යසනයෙන් සත් වසරකට පසු යළි ඇගේ මාපියන් සොයා ගැනීමට සමත් වූවාය.
15 වියෙහි පසුවන මේරී යුරන්ඩා නැමැති එම දැරිය සුනාමියට ගසාගෙන යද්දී ඇයගේ වයස අවුරුදු 8 කි. එම අවස්ථාවේදී වාසනාවකට මෙන් දිවි බේරා ගත් ඇය, මාපියන්ගෙන් වෙන්වූ අතර වෙනත් කාන්තාවක ඇය දරුකමට ගෙන ඇත. එම කාන්තාව තමා හිඟමනේ යෙදවූ බව මේරී යුරන්ඩා පවසයි.
ඇයගෙන් බේරී පැනගොස් තමා පදිංචිව සිටි මෙලාබෝ නමැති ගම්මානයට පැමිණීමට මේරී යුරන්ඩාට හැකියාව ලැබී ඇති අතර පසුගිය සතිඅන්තයේදී ඇය යළිත් මාපියන් සොයා ගැනීමට සමත්වූවාය.
”ලැබුණු විස්තර අනුව මා මගේ අම්මා තාත්තා සොයා ගෙන ආවා. හුඟක් අය මට උදව් කළා. වසර හතකට පස්සේ මට මගේ අම්මා යළි දකින්න ලැබුණා. ඇයට මුලදී මාව හඳුනා ගන්න බැරිවුණත් ඇය මගේ අම්මා බව මා ඇය දුටු ගමන්ම දැනගත්තා” යැයි මේරී යුරන්ඩා පවසයි.
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියෙන් ඉන්දුනීසියාවට පමණක් නොව ශ්‍රී ලංකාවට ද මහා විනාශයක් සිදුවිය. සුනාමියට හසුවීමෙන් මියගිය ගණන 230,000 කට වැඩිය. සුනාමියෙන් වැඩිපුරම බලපෑම් එල්ල වූයේ ඉන්දුනීසියාවටය. සුනාමිය හටගත්තේ ඉන්දුනීසියාව අසල මුහුදු පතුළේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9.1 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හේතුවෙනි.
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමියෙන් මිය ගියැයි කී දැරියක් වසර හතකට පසු ගෙදර ඇවිත්