IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘සැන්ඩි’ කළ හදිය බලන්න ඔබාමා නිව්ජර්සි ජනපදයට

‘සැන්ඩි’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය දැක ගැනීමට ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා ඊයේ (1) උදෑසන නිව්ජර්සි ජනපදයේ සංචාරයක යෙදුණේය. සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූයේ ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප‍්‍රාන්තවලටය. ඒ අතරින් නිව්යෝර්ක් සහ නිව්ජර්සි යන ජනපද ඉතා දරුණු ලෙස බැට කෑවේය. ජනපති ඔබාමා නිව්ජර්සි ප‍්‍රාන්තයේ සංචාරය කරමින් සිදුවූ හානිය නිරීක්ෂණය කළ අතර, විපතට පත් වූවන් හමුවී ඔවුන්ගේ සැප දුක් විමසා බැලීමට ද අමතක නොකළේය. විපතට පත් වූවන් අමතමින් ඔබාමා කියා සිටියේ ‘ඔබ වෙනුවෙන් අප ඉන්නවා. අප ඔබ තනි කරන්නේ නැහැ’ කියාය. එම සංචාරයට ඔබාමා සමඟ නිව්ජර්සි ප‍්‍රාන්ත ආණ්ඩුකාර කි‍්‍රස් කි‍්‍රස්ටී ද එක් ව සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 6 වැනිදාය. ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔබාමා ඊට ඉදිරිපත් වෙයි. ඉකුත් 30 වැනිදා ‘සැන්ඩි’ සුළි කුණාටුව නිව්යෝක් නුවරට කඩා වැදීමත් සමඟ මැතිවරණ කටයුතු වහා නවතා දැම්මේය. එම අවස්ථාවේ ඔහු සිිටියේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේය. සහන සේවා කටයුතු අධීක්ෂණය කිරීමට ඔබාමා වහා වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ජනපතිවරණයට ඉදිරිපත් වන ඔබාමාගේ ප‍්‍රතිවාදියා වන රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ද සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අත්හිටුවා ඇති අතර මේ වනවිට ඔහු සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීමේ කටයුතුවල නියැළී සිටී. නිව්ජර්සි ජනපදයේ පීඩාවට පත් ජනතාව හමුවීමට පෙර ඔබාමා, නිව්ජර්සි ජනපදයේ ආපදා කළමණාකාර දෙපාර්තමේන්තුවට ගොස් එහි ප‍්‍රධානීන් හමුවී සහන සේවා සිදුවන අයුරු විමසා සිටියේය. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ ලබන 6 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයේ ජයග‍්‍රහණය තීරණය කිරීමට ‘සැන්ඩි’ සුළි කුණාටුව සමත් වනු ඇතැයි කියාය. මැතිවරණ කටයුතු නවතා දැමූ බව කීවත් ඔබාමා සහ ප‍්‍රතිවාදී අපේක්ෂක රොම්නි ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් විපතට පත්වූවන්ගේ සහන සේවා කටයුතුවල නියැලී සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. නිව්ජර්සි ආණ්ඩුකාර කි‍්‍රස් කි‍්‍රස්ටී (වමේ) සහ ඔබාමා (දකුණේ) නිව්ජර්සි ජනපදයේ බි‍්‍රගැන්ටීන් නුවර විපතට පත්වූවන් හමුවෙමින් ... ප‍්‍රතිවාදී අපේක්ෂක මිට් රොම්නි විපතට පත්වූවන්ට  පානීය ජලය බෙදා දීමට සැරසෙමින් ... සැඬ රළ පහරට හසුවූ බෝට්ටු



අදහස් (0)

‘සැන්ඩි’ කළ හදිය බලන්න ඔබාමා නිව්ජර්සි ජනපදයට

මුතු Friday, 02 November 2012 09:16 PM

ඡන්දේ ලගයිනේ බැහැලා වැඩ.(ස)

:       0       0

නසාර් Sunday, 04 November 2012 10:58 AM

අන් සැපතට ඊර්ෂියා කරනු එපා මින්පසු වත් හිතට ගන්න. (ස)

:       0       0

ජූඩ් Monday, 05 November 2012 04:35 AM

සිංහලෙන් සැන්ඩි ගැන කියවන්න පුලුවන් වුණාට ස්තූතියි. (නි)

:       0       0

සේෆක් Friday, 02 November 2012 03:29 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 408 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 854 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site