සෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.
කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ අඩංගුව තිබී ඇතැයි කියති.
සෞදියේ අබ්දුල් මොසීන් බින් වාලිඩ් බින් අබ්දුල් අසීස් නමැති එම කුමරාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන සෞදියට යාමට උත්සාහ කිරීමේදී බීරූට් හි රෆික් හරීරි ගුවන්තොටුපළ බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
බීරූට් ගුවන්තොටුපළ ආරක්ෂ අංශ නිලධාරීන් පවසන්නේ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග දැලේ
පිටබැද්දර ජයා Monday, 26 October 2015 11:54 PM
දැන් කුමරාට මොන දඬුවමක් දෙයිද දන්නෙ නැහැ (නි)
අමල් Sunday, 01 November 2015 10:50 AM
මෙච්චර ප්‍රමාණයක්.? (ර)
කුමාර Wednesday, 28 October 2015 04:09 AM
මේ වගේ තොග හොයාගත්තහම මේවා සැපයුවේ කවුද, කාහටද යන්නේ හොයන්නේ නැහැ වගෙයි. (ම)
ඉන්දික Tuesday, 27 October 2015 01:31 AM
බලාඉන්න මරන දඬුවම දෙනතුරු. හීනෙන් තමයි. අපේ අය මෙහෙ කෑගහනවා. නමුත් ලෝකේ හැමතනම ඔහොම තමයි. ලොක්කන්ට විශේෂ සැළකිලි (නි)
බණ්ඩා Saturday, 31 October 2015 02:55 PM
අපේ කුමාරවරු කරපු වැඩ දෙයියෝ තමා දන්නේ .....(බ)
ව්ද්‍යා Tuesday, 27 October 2015 02:00 AM
ඇමරිකන් කාරයෝයි එංගලන්තේ සුද්දොයි තමයි තෙල් සොයාගත්තට පස්සේ මේ ගොල්ලන්ගේ මුතුන් මිත්තෝ ඔටුවෝ පිටින් බස්සල රජවරු කලේ. එකේ විපාකේ තමයි ඔය වෙලා තියෙන්නේ(රේ).
අජිත් Tuesday, 27 October 2015 12:40 PM
සෞදියේ කිව්වහම මට හරි සතුටුයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු. (නි)
දීන් Wednesday, 28 October 2015 04:20 AM
කුමාරයා නෙමෙහි රජු වුණත් අනිවාර්යෙන් දඬුවම් ලැබිය යුතුයි (ම)
පුමුදු Wednesday, 28 October 2015 04:22 AM
සෞදිය මින්නුසන්ට කිසිම නිදසක් නෑ . (ම)
වීරරත්න Wednesday, 28 October 2015 12:35 PM
අනේ මෙහෙමත් කුමාරවරු? (නි)
රෙජි-සිඩ්නි Tuesday, 27 October 2015 04:31 AM
රජ කුමාරයාගේ තාත්තා එක ඇමතුමක් දුන්නහම ඔය සේරම නිදහස් වෙයි. මොකද වැදගත්, නම්බුකාර යැයි කියන අය වැරදි දේවල් කරලා අසුවුණාම දන්නවා ඉන් ගැළවෙන්නත්. (නි)
නවීන් Thursday, 29 October 2015 03:55 PM
කොහොමද අපේ කෙනෙක් සෞදියේදී ඕක කළානම් මහා ජරා ජාතියක් තමන්ගේ ඇහේ පොල් පරාලය තියන් අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයනවා (බ)
ෆාති Tuesday, 27 October 2015 02:31 PM
ඕක නිදහස් කරයි. එ්කයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. (බ)
මංජුල රියාද් Wednesday, 28 October 2015 06:31 AM
නඩුත් බඩුත් දෙකම සෞදියගේ ?????????????????????? (ම)
ටෙනිසන් Wednesday, 28 October 2015 06:37 AM
සල්ලි කාගේද මල්ලි කියල කියනවනේ.නමුත් රජ වරුන්ට ඇති හැකි අයට සල්ලි එයාගේ අයියා.මේගොල්ලෝ සල්ලි උඩ පීනන අය,ඒ වගේම අර මුලින් කියපු අයියගේ සුද්දවූ පොත පෙරලලා නැති බැරි එකාව ගොනාට අන්දන්නෙත් මෙයාල තමයි.මුන්ට කිසිම නීතියක් නැහැ, (ම)
නුවන් Tuesday, 27 October 2015 06:20 AM
ඉන්දික ඇත්ත කතාව කියල තියෙනවා! සුද්දෝ නොහිටින්න මේගොල්ලෝ දෙවියෝ මවපු තෙල් ටික ගන්න බැරුව ඔටුවගේ පිටේ තාමත් දුවනවා! (බ)
පනික්කියරාළගේ Thursday, 29 October 2015 09:03 AM
ඇයි මල්ලි මතක නැද්ද අපේ කුඩු කන්ටේනර් එක යට ගහපු ගැහිල්ල? (බ)
සනත් ගුනවර්දන ස්විස් Tuesday, 27 October 2015 04:53 PM
මෙම සිද්ධිය යුරෝපයේ කිසිම පුවත් පතක හෝ රුපවාහිනී නාලිකාවක පෙන්වුයේ නැත්තෙ , සෞදි තෙල් බලය නිසා වෙන්න ඕනේ , ලංකාදීපයට බොහෝ ස්තුතියි මෙය අපට වාර්තා කලට....(රේ)
සංජය Tuesday, 27 October 2015 07:04 AM
ඒවා අරාබියේ කරන්න බැහැ. ලෙබනන් රටේ නීතිය අනුව අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවා (නි)
ඉසුරන්දි Thursday, 29 October 2015 04:46 AM
අනේ සමීර.ඔයා ලන්ඩනයේ ඉදන් මැදපෙරදිග රටවල් ගැන දන්නා ඉටිගෙඩියක් නැහැ. හවුලේ කැඳත් නැහැ මේ රටවලට ඇවිත් බැලුවොත්. (බ)
සුසන්ත - කටාර් Tuesday, 27 October 2015 07:33 AM
අපේ රටේ මහත්තුරුත් ෂරියා නීතිය ඉල්ලුවට පේනවා නේද ඒකෙන් පාලනය කරන්න නොහැකි එකත් ලොකු අයට එක විදියකටත් පොඩි අයට තව විදියකටත් කියලා. මීටකලින් තව කොපමණ ප්‍රමාණයක් ගෙනියන්න ඇද්ද? අපි බලාගෙන ඉමු මේ අයට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා (නි)
ඇසළ Tuesday, 27 October 2015 07:35 AM
කුමාරයා අපේ වෙලේ සුදාගේ යාළුවෙක්වද්ද? (නි)
සජිත් Tuesday, 27 October 2015 07:53 PM
බලනකොට මොන රටත් එකයි වගේ (නි)
අමල් Tuesday, 27 October 2015 08:04 AM
මත්ද්‍රවය වසංගතය ලොව තරුණ ජිවිත බිලිගන්නවා. (ර)
යසස් Tuesday, 27 October 2015 07:55 PM
අනේ මෙහෙමත් ප්‍රභූ පුතාලා? (නි)
නුවන් Monday, 26 October 2015 03:59 PM
මේගොල්ලෝ මත් ද්‍රව්‍ය දැක්කම නයාට අදු කොළ වගේ රගපාන්නේ නමුත් යටින් කරන්නේ මේ වගේ වැඩ තමා (බ)
පිටිගල මිලානෝ Monday, 26 October 2015 04:14 PM
එහෙ එහෙම වුනාට අපේ කුමාරයෝ තාම නිදැල්ලේ. (බ)
විදුල-දෝහා Thursday, 29 October 2015 05:31 AM
අපේ ඹෆිස් එකේ ඉන්න , ලංකාවේ මුස්ලිම් අය මේක පිළිගන්නෙම නැ. එයාල කියන්නේ මේක කුමන්ත්‍රණයක් ලු මුස්ලිම් ආගමට පහර ගහන්න ......(රේ)
රිචි බාලසුරිය Wednesday, 28 October 2015 08:11 AM
සෞදි කුමාර වරුන්ට දෙවෙනි නැහැ , අපේ හිටපු රජයේ ලොක්කන්ගේ පුත් කුමාරවරුනුත් , සමහරු මත් කුඩු ගෙන්වූවා , සමහරු විරුද්ධවාදීන් මැරෙව්වා , තව සමහරු රටේ මහජන මුදල් රටින් පිටට ගෙන ගියා , අපිට තෙල් නැති වුනත් යුද්ධය නිසා මුදල් ඔවුන්ට ලැබුණා (බ)
ඉසුරන්දි Wednesday, 28 October 2015 08:14 AM
යුරෝපා හවුල සල්ලි ගැත්තන්ට එක විදිහක් .දුප්පතාට තව විදිහක්.එකනේ කට වහාගෙන ඉන්නේ (බ)
අනිල් Tuesday, 27 October 2015 09:12 AM
හොද දඩුවමක් ලැබෙයි.! (ර)
ඉන්දික ගම්පහ Monday, 26 October 2015 05:00 PM
ඔය කට්ටිය ලොවෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. ඒවුනාට කොහොමොද දාන සද්ද? මත් ද්‍රව්‍ය කියන්නේ මෙයාලගේ හොඳ අදායම් මගක් වගෙයි. තෙල් වලින් ඔය සල්ලි සුදුසල්ලි කරන්න පුළුවන්නේ අර මෙහෙ කට්ටිය ඉස්සෝ ෆාර්ම් කරලා කළු සල්ලි සුදු සල්ලි කලා වගේ....(රේ)
නිහාල් Tuesday, 27 October 2015 09:43 AM
සුල්තාන්ලගේ ,ධනවතුන්ගේ වැඩ බලන්න ප්‍රංශයේ මොනාකෝ වලට යන්න (නි)
චන්න බුවනක Friday, 30 October 2015 04:50 PM
අර කොහෙද ඉන්න එකෙක් වෙනුවෙන් අපේ අය රණ්ඩු වෙනවා.(රේ)
ශක් Thursday, 29 October 2015 10:55 AM
විද්‍යා නොදන්නා දේවල් කියන්න ගිහින් බක පණ්ඩිතයෙක් වෙන්න එපා. (ර)
ප්‍රභාත් කුලතුංග Wednesday, 28 October 2015 08:39 AM
සෞදි රටේ හා එම රටේ කුමාරවරු කරන දුෂණ , ජඩකම් මෙහෙ ඉන්න අපි දන්නවා. බලමු එයාට දෙන දඬුවම මොකක්දද කියල. මෙහෙ හැමදේම මුදලට යටයි. (බ)
සමීර - ලන්ඩන් Wednesday, 28 October 2015 08:55 AM
ඉසුරන්දි යුරෝපය ගැන දන්නා දෙයක් කතාකරන්න... මැදපෙරදිග රටවල මානව හිමිකම් කඩවීම් ගැන තදින්ම විවේචනය කරන්නේ යුරෝපය. මේ ප්‍රවෘතිය බීබීසී, ඩේලිමිරර් ඇතුලු ලන්ඩනයේ බොහෝ මාධ්‍යවල පලවුනා (බ)
යසාන් Wednesday, 28 October 2015 04:39 PM
අපි බලමු කුමාරයට මොකද වෙන්නේ කියලා (නි)
රංජිත් Thursday, 29 October 2015 06:38 AM
ඔය සෞදි රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඕන තරම් මත් වතුර හා කුඩු. නිතරම පාටි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් අහුවුනොත් අත් කපනවා බෙල්ල කපනවා. මැරිච්ච රජ්ජුරුවෝ නිතරම බීමතින් හිටියේ. අපේ අහිංසක රිසානාගේ බෙල්ල කපපු එකට ඕගොල්ලෝ කවදාහරි වන්දිගෙවාවි. (බ)
සුනිල් Wednesday, 28 October 2015 04:48 PM
මොකුත් වෙන එකක් නැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති බලපාන්නේ සෞදි වල සාමාන්‍ය ජනතාවටනේ. (නි)
ටෙනිසන් Wednesday, 28 October 2015 09:22 AM
යකෝ, යුරෝපෙට ඇගිල්ලෙන් ඇන්නහම ඩෝන් ගිහින් තියෙන්නේ හැම කළු සුද්දෙක්ටනේ. මමියි , ඩැඩියි සනීපෙන්ද ? (බ)
යොහාන් Tuesday, 27 October 2015 11:17 AM
අනේ හැබෑට, රජ කුමරෙක් වෙලත් ගෞරවනීය විදිහට ජීවත්වෙන්න නොදන්නා හැටි? (නි)
සොපී Thursday, 29 October 2015 12:01 PM
ඉන්න තරමක් ඉන්නේ මේ වගේ කුමාරවරුම තමයි. (නි)
ලේල්වල Monday, 02 November 2015 04:20 PM
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ යන කියමන මතක් වෙනවා (බ)
ෆර්සාන් Monday, 26 October 2015 09:14 PM
සෞදි නීතිය අනුව නම් සාමාන්‍ය කෙනෙකුට මෙවන් වරදකට මරණ දඬුවම. මෙයාට? (නි)
චරිත Tuesday, 27 October 2015 11:26 AM
රජ පවුලේ අයට වුණත් නීතිය එකයි. ඉක්මනටම බලාගන්න පුළුවන් ඒක. (නි)
කුමාර් (ගල්ෆ්) Monday, 02 November 2015 10:50 AM
ලංකාවෙත් මේවා කලේ අපේ දේශපාලුවන්ගේ කුමාරවරු තමා. (ස)