2020 වසරේ 'කොවිඩ් 19' වසංගතය දරුණු ලෙස පවතිද්දී, සෞඛ්‍ය අංශ පැනැවූ ලොක්ඩවුන් තහංචි උල්ලංගනය කර, ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් වරදකරු වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාවගෙන් දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය.
ලොක්ඩවුන් තහංචි කඩ කිරීම සම්බන්ධයෙන් වහා ධුරයෙන් ඉවත් විය යුතුයැයි විපක්ෂයෙන් අග්‍රාමාත්‍යවරයාට පීඩනයක් එල්ල වන නමුත් ඉල්ලා අස්වීමට තමන්ගේ අදහසක් නොමැති බව ජොන්සන් අවධාරණය කර තිබේ.
සෞඛ්‍ය අංශ තහංචි පනවා තිබියදී ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද පැවැත්වීම සංවිධානය කර තිබුණේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස්ය. ඇය ද ජනතා අප්‍රසාදයට පත් වී සිටින්නීය.
ඊට අමතරව බ්‍රිතාන්‍ය මුදල් ඇමැති රිෂී සුනාක්ට ද ලොක්ඩවුන් තහංචි කඩ කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර, ඔහු ද ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර තිබේ.
(බීබීසී)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සාද දැම්මාට සමාව ඉල්ලයි