සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ජුනි මස 5 වැනි සිකුරාදා උදැසන 7.00 සිට සවස 2.00 දක්වා අල් කොබාර් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන බව තානාපති කාර්යාලය පවසයි.
ගමන් බලපත් දීර්ඝ කිරීම්, අලුත් ගමන් බලපත් සදහා ඉල්ලුම් කිරීම්, නව උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු සියලු ලිපි ලේඛන කටයුතු, කම්කරු ගැටලු, රක්ෂණ ගෙවීම් ආදී කටයුතු මෙදින ද සිදුවන බැවින් උදෑසනින් පැමිණ තම වාරය පැමිණෙන තෙක් ටෝකන් අනු අංකයක් ලබාගෙන තානාපති නිලධාරින් හට සහාය දක්වන මෙන් බලධාරීන් ඉල්ලා සිටි.
වැඩ කටයුතු පහසු කර ගැනීම සදහා තානාපති කාර්යාලයේ අනුමැතිය ලත් ස්වෙච්ඡා කණ්ඩායමක් ඉදිරිපත්වී ඇති බැවින් අවශ්‍ය උපදෙස් ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසද දන්වා සිටියි.
මාර්ග පිළිබඳව විස්තර දැනගැනීම සදහා මෙම අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක.
සුමිත් ...0500998349 /පතිරාජ 0545214452/දයා කහදවල 0507861163
ලලිත් ප්‍රේමලාල්
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි ජංගමේ සිකුරාදා
ලියනගේ Monday, 01 June 2015 04:26 PM
ඉතාලි රටේ ඇති තානාපති කාර්යාලය මෙන් ඔහෙත් එක වැඩක් ඉටු කරන්න 15% චොමිස් එකක් ගන්නවද ? (කේ)
චන්න බුවනක Sunday, 07 June 2015 02:27 PM
මෙහෙ ජංගම තානාපති සේවයට මම ගියා පාස්පෝර්ට් එක අලුත් කර ගන්න, එහි නිලධාරීන් ඉතාම හොඳින් මගේ වැඩේ කර දුන්න.(නදී)
චන්න බුවනක Tuesday, 02 June 2015 02:45 PM
ඒ අයට පුළුවන් ආකාරයට වැඩ කරලා දෙනවා. ස්වේච්ඡාවෙන් ජනතාවට අවශ්‍ය සේවය කරන අයත් ඉන්නවා. මෙහි ඉහළම නිලධාරියා සිරිපාල ගම්මන්පිල මහතා ඇතුළු සියලුම නිලධාරින් හොඳ සේවයක් කරනවා. (නි)
පතිරාජ Monday, 01 June 2015 07:41 PM
ලියනගේ,මොනවද 15% කොමිස් කියන්නේ? ( රජයේ අදාළ ගාස්තු නම් අයකරනවා) (නි)