IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෞදි කවියාගේ මරණ දඬුවම ස්ථිරයි

සෞදි අරාබියේ අෂ්රෆ් ෆයාද් නමැති කවියාට එරට අධිකරණය පැනවූ මරණ දණ්ඩනය ස්ථිර වී ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.

ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කිරීම, අධිකරණයෙන් වරදකාරියකවූ ස්ත්‍රියක් ඡායාරූපයට නගා එම ඡායාරූප ජංගම දුකරථනයේ තබා ගැනීම හා සෞදියේ අන්තර්ජාල නීති උල්ලංඝනය යන චෝදනා මත ඔහුට පසුගිය නොවැම්බර් 17 වැනිදා මරණ දඬුවම නියම කළ අතර එතැන් සිට දින 30ක කාලයක් අභියාචනා සඳහා යොමු කෙරුණද මේ වන විට එය ස්ථිර කර ඇතැයි කියති.

මරණ දණ්ඩනය ලැබීමට තරම් දෙයක් තමා නොකළ බවත් මේ තීන්දුව ඇසීමෙන් තිගැස්සුණු බවත් අෂ්රෆ් ෆයාද් පවසා ඇත.

ෆයාද් කවියාට හිමිවූ දඬුවමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තරයෙන් විශාල හඬක් නැගුණු අතර ඔහුට නීතිඥයකුගේ සහායක් ලබාගැනීමට ඉඩ නොදීම ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

web_2016118fayadh web_2016118hqdefault-(3)



අදහස් (0)

සෞදි කවියාගේ මරණ දඬුවම ස්ථිරයි

වත්සලා Tuesday, 19 January 2016 07:04 AM

ජයවීර කාටද කිව්වේ ඒක? (නි)

:       0       0

චන්න Tuesday, 19 January 2016 06:58 AM

මට තාමත් මතකයි. මේ අපේ අයම තමා කොණ්ඩයාටත් ෂරියා නීති සරිලන බව මුල් කාලයේ උස් හඬින් පැවසුවේ. අන්තිමට මොනවද වුණේ? (නි)

:       0       0

ශ්‍රීනාත් Tuesday, 19 January 2016 04:34 AM

කණගාටුයි අපිට (නි)

:       0       0

පද්මප්‍රිය Monday, 18 January 2016 04:27 PM

කෝ මානව හිමිකම් රකින අය හා රටවල්. ඔවුන් නිදිද? (නි)

:       0       0

අජන්ත Monday, 18 January 2016 04:44 PM

අපේ රටේ මිනිසුන් අරාබි රට වලට රැකියා සඳහා යැවීම නතර කළයුතුයි. ජීවිතයක වටිනාකම නොදන්නා ජාතියක් හැටියටයි මා ඔවුන් දකින්නේ.

:       0       0

මහමදුල්ලා Tuesday, 19 January 2016 12:46 PM

මම නම් කියන්නේ මොහුව මැරුවොත් ලංකාවේ ඉන්න මුස්ලිම් අය 100ක් පිටුවහල් කළ යුතුයි (බ)

:       0       0

සුමාල් පෙරේරා Monday, 18 January 2016 05:20 PM

ලොකුම විහිළුව තමයි මානව හිමිකම්වලට ගරු නොකරන සෞදි අරාබියාවේ රජ කුමාරයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලයක් දැරීම. (නි)

:       0       0

රූපසිංහ Monday, 18 January 2016 10:02 PM

බය වෙන්න එපා ප්‍රියන්ත. සෞදියේ පමණක් නොවෙයි මුළු ලෝකයේම පෙට්‍රල් පරිභෝජනය සඳහා තිබෙන්නේ තව අවුරුදු 50කට 60කට පමණයි. ඊටපස්සේ ඔය අරාබිකාරයින් දැන් දක්වන නැටුම් නටලා ඉවරයි. දැන් සිටම ලොව තාක්ෂණික වශයෙන් දියුණු රටවල් වෙනත් ඉන්ධන සොයන්නට උනන්දුවනවා. ඇමරිකාව ඇතුළු මුළු යුරෝපයම උනන්දු වන්නේ මෙවැනි වෙනත් ශක්තිය උත්පාදනය කරන තාක්ෂණ සොයාගැනීමටයි. (නි)

:       0       0

රොකී Tuesday, 19 January 2016 02:35 PM

අපේ ප්‍රාදේශීය සභා කාරයෙකුව එහෙට යවලා ඒ හිලවුවට මොහුව බේරා ගන්න බලමුද? (බ)

:       0       0

ජයලත් Tuesday, 19 January 2016 02:44 PM

කණගාටු වෙන්න එපා මිනිහ හොඳ කෙනෙක් වෙන්න ඇති නමුත් සතුටු වෙමු උන්ගෙන් කෙනෙක් හරි අඩු වුනා කියල (බ)

:       0       0

සෑම් Tuesday, 19 January 2016 03:14 PM

මම මෙය හෙලා දකිනවා එ්ත් අපිට මොනවද කරන්න පුළුවන්. ගොන් හරක් පකිස්තානයේ ළමයෙක්ට තමාගේ අත තමාම කපා ගන්න කියලා නබි තුමාට අපහාස කරා කියල. ඒ ළමයාට ප්‍රශ්නේ තේරෙන් නැතිව අත නොදන්න කමට උස්සපු නිසා. (බ)

:       0       0

ආරච්චිගේ Tuesday, 19 January 2016 10:34 AM

ඇත්තටම ඔහු මරන්න තරම් වරදක් කරලා නැහැ .ඒ නිසා ඔහුට සමාව දිය යුතු .මේ බව තේරුම්ගන්න බැරි මිලේච්ඡ මිනිසුන්ට දේවදත්තට වුන දේ තමා වෙන්නේ. එ්ක කාටවත් නවත්වන්නට බැහැ. (බ)

:       0       0

රොකී Monday, 18 January 2016 01:53 PM

මුන් තිරිසන්නු!ඔහුට මරණ දඬුවම් පැමිණවීම ගැන මගේ දැඩි විරෝධය පල කරමි! (බ)

:       0       0

සේන Tuesday, 19 January 2016 10:30 AM

මේ තිරිසනුන්ටත් අන්ත මිනිසුන් ඉන්න රටකට ලංකාවේ අයට රස්සා වලට යන්න දෙන්නේ ඇයි.? (බ)

:       0       0

මිනිපෙ Tuesday, 19 January 2016 04:13 PM

හැම රටකම ආගම හා රජය අතර සම්බන්ධය බිද හෙළ යුතුයි. (බ)

:       0       0

රුස්ලන් Tuesday, 19 January 2016 05:46 AM

අපිට වෙනත් රටක නීතිය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. (නි)

:       0       0

ගීතා Tuesday, 19 January 2016 03:17 AM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

වත්සලා Tuesday, 19 January 2016 06:16 AM

බාඳුරා මලෙහි උපන් කෘමියෙක් මරණයෙන් බේරා ගන්න කාටද පුළුවන් (බ)

:       0       0

ටානියා Tuesday, 19 January 2016 03:55 AM

මම නොදන්න නිසා අහනෙ ඔය සෞදි අරාබිය ඉස්ලාම් අාගමේ මවු බිමනේ..ඔය රට හරියටම ඔය ඉස්ලාම් අාගමේ කියලා තියන දේවල් කරනවද..මොකද හුගක් ඔය කරන දේවල් ගෝත්‍රික සමාජ කරපුවා (බ)

:       0       0

සනත් Tuesday, 19 January 2016 06:44 PM

සෞදියේ ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු එක්දහස් හයසීයකට පෙර සම්පාදනය කළ වැඩවසම් යුගයටවත් නොගැළපෙන මිත්‍යාදෘෂ්ටික නීතියක්. (නි)

:       0       0

ජයවීර Tuesday, 19 January 2016 06:28 AM

අදහස් පළකරන්න පෙර අන්තර්ගතය පිළිබඳ තේරුම් ගන්න (බ)

:       0       0

චතුරි Monday, 18 January 2016 03:00 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය ආගම අදහන්න එපා , බලන්නකෝ අපි ඉන්න ලස්සන හැම දෙයකම කාලා ඇදල (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 18 January 2016 02:58 PM

මේ රටවල් වල ඉන්නේ උගත්කමක් නැති පට්ට මෝඩයෝ . තෙල් මිල තවත් පහත වැටිලා නැතිවෙලා යනවනම් නියමයි . ලාංකිකයන් වහල් වැඩට යැවීම නැවත්වීම බලධරයන්ගේ වගකීමයි (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Monday, 18 January 2016 03:05 PM

සෞදිවල මේ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා (බ)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 03:26 PM

මරණයේ කවිය

:       0       0

චන්න Tuesday, 19 January 2016 06:52 AM

ජයවීර හරි. අදහස් පළකරන්න පෙර අමතරව හොයලා බැලීම ඇඟට ගුණයි. සෞදියේ තිබෙන නීතිරීති තද නිසා තමා ඒ රටේ නිඳහස ඉහළ මට්ටමින් පවතින්නේ. ළමා සහ ස්ත්‍රී අපරාධ ඉතා අඩුවෙන් පවතින්නේ. අපේ පොඩි ලංකාවේ වෙන දේ අපි හැමදාම පත්තරේ බලනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 541 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site