IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සාදයට ගිය බි‍්‍රතාන්‍ය අගමැතිට අට හැවිරිදි දියණිය අමතක වෙලා

අවන්හලක සාදයකට ගොස් අත්වැරදීමකින් තම අට හැවිරිදි දියණිය එහි දමා යෑමත් සමඟ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සහ ඔහුගේ බිරිය පෙරේදා (11) රාති‍්‍රයේ ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්හ. කැමරන් යුවළ එම අකරතැබ්බයට මුහුණ දුන්නේ ඔවුන් දියණිය  නැන්සි ද සමඟ ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසින් පිටවී, බකින්හැම්ෂයර්හි පිටිසරබද පිහිටි ඔවුන්ගේ නිවසක නිවාඩුවකට ගොස් සිටි අවස්ථාවකදීය. ඔවුහු පෙරේදා සවස ප්ලෝව් ඉන් නමැති අවන්හලේ සාදයකට සහභාගී වූහ. දියණිය බලා ගැනීමට ආරක්ෂක නිලධාරිනියකට පැවැරී තිබුණි. සාදය නිමා වීමට ඔන්න මෙන්න කියා තිබියදී දියණිය නැන්සි වැසිකිළියට ගොස් ආපසු එද්දී තම මාපියන් සහ ආරක්ෂක නිලධාරිනිය ද අවන්හලේ නොසිටියහ. කැමරන් යුවළ ඉන් පිටව ගොස් ඇත්තේ නැන්සි ඇගේ ආරක්ෂක නිලධාරිනිය සමඟ සිටිනු ඇතැයි යන විශ්වාසයෙනි.  ආරක්ෂක නිලධාරිනිය වෙනම රියකින් පිටව ගොස් ඇත්තේ නැන්සි, කැමරන් යුවළ ගමන් කළ රියේ සිටිනවා යැයි විශ්වාස කරමින්ය. තම දියණිය හිටිහැටියේ අතුරුදන් වූ බව දැනගත් සැණින් කැමරන් යුවළ මහත් සේ කලබලයට පත් වූහ. කෙසේ නමුත් ප්ලෝව් ඉන් අවන්හලේ හිමිකාරිය ඔවුන්ට ඇමැතුමක් දී නැන්සි අවන්හලේ සිටින බව දැනුම් දුන් අවස්ථාවේ එය ඔවුන් මහත් අත්වැසිල්ලක් වූයේ යැයි මාධ්‍ය වාර්තා කරයි. ඇමැතුම ලැබුණු සැණින් දියණිය රැගෙන ඒමට අගමැති කැමරන්, ප්ලෝව් ඉන් අවන්හල බලා වහා පිටත් ව ගිය බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

සාදයට ගිය බි‍්‍රතාන්‍ය අගමැතිට අට හැවිරිදි දියණිය අමතක වෙලා

ප්‍රසාද්-Male Wednesday, 13 June 2012 05:24 PM

ඕවා මොනවද? අපේ අයට ගෙවල් දොරවල් පවා අමතක වෙන්නේ.කකුල් කඩා ගන්නේ

:       0       0

කිරිපණූවා Wednesday, 13 June 2012 06:55 PM

මම හිතන්නේ දරුවට දෙමවුපියෝ අමතක වෙන්න ඇති.නැත්නම් දෙමවුපියෝ විනෝදෙට පොඩි අමතක පාරක් දාන්න ඇති

:       0       0

අමිල කටුනායක Thursday, 14 June 2012 09:49 AM

ඇදන් ඉන්න ඒවත් අමතක වෙයි මෙහෙම ගියොත්

:       0       0

සිරියාව Wednesday, 13 June 2012 07:52 PM

බ්‍රිතාන්‍ය අගමැති යුවලට තියෙන දරු සෙනෙහසම තමයි ලොකේ අනෙක් රටවල් වල දෙමාපියන්ටත් තියෙන්නේ. නුඔලාගේ එක වචනයකින් සමහර රටවල මිනිසුන්ව සමුල ඝාතනය කරනවා. දැන්වත් නුඔලාගේ ඔළුවලට එය තේරුමි ගන්නට පුලුවන් නමි ලොකු දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site