IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර

සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්‍රයත්නයක් බවයි.

කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.

සෞදි තෙල් කම්හල් දෙකට පහර දුන්නේ තමන් බව යේමන හවුති ගරිල්ලන් පැවසුවත් එය ප්‍රතික්ෂේප කරමින් සෞදි රජය හා ඇමරිකාව පවසන්නේ ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කල බවයි.

පසුගිය සිකුරාදා (20) ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව නව සම්බාධක කිහිපයක් ද පැනවීමට කටයුතු කළේය.

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (2)

සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර

Rohana Saturday, 21 September 2019 04:31 PM

ලබන මාසේ ස්ථිරවම තෙල් මිල වැඩිවෙන බව නම් කියන්න පුළුවන්.

:       0       2

රවින් Sunday, 22 September 2019 08:21 AM

ඔන්න මීයා මල්ලෙන් එළියට පැන්නා. කූරු ගගා හිටියේ ඕකට තමයි. තෙල් පිරිපහදු තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඕමානය කිට්ටුවට වෙන්න. යේමනය තියෙන්නේ සෑහෙන දුරකින්... සමහර ත්‍රස්ත කණ්ඩායම් වල සිරිතක් තමයි ලෝකය කොහේ හරි යම් සිදුවීමක් වුවොත් ඉක්මණින්ම එම ක්‍රියාව තම කණ්ඩායමට බැරකරගෙන තමන්ගේ දරුණු භාවය ලෝකයාට පෙන්වීම. ඉතින් ඊට පස්සේ...?

:       36       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site