IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිත අඳුනාගෙන ගීත ගයයි

පැළද සිටින්නාගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන ගීත වාදනය කිරීමේ සමත් ඉස් බනුවක් ජපාන සමාගමක් විසින් නිපදවා ඇත.

ජපානයේ නියුරෝවෙයාර් නම් සමාගමේ නිශ්පාදනයක් වන මෙය සාමාන්‍ය ඉස් බනුවකට වඩා ප්‍රමාණයෙන් විශාලය.හිස් බනුවේ සිට විහිදෙන අතක් වැනි කොටසක් වන අතර එය පැළද සිටින්නාගේ නළලේ ස්පර්ශ වේ.මේ අතක් වැනි කොටසේ ඇත්තේ මොළයේ තරංග හදුනාගැනීමේ සමත් සංවේදකයන්ය.

සතුට, දුක, භීතිය, මානසික පීඩනය ආදී අවස්ථාවන්හි මොළයේ ජනනය වන තරංගයන් ග්‍රහණය කරගන්නා මේ සංවේදක සංඥා ජනනය කරන අතර ඒවා ඉන් අනතුරුව යැවෙන්නේ විශේෂ මෘදුකාංගයක් ස්ථාපනය කර ඇති ජංගම දුරකථනයක් හෝ අයිපොඩ් වැනි උපකරණයක් කරාය.සංඥා ලබාගන්නා මෘදුකාංගය ඒවා අධ්‍යනය කර අවස්ථාවට අදාළ සිතුවිලි හදුනාගෙන ඒ සිතුවිලි වලට ගැලපෙන ගීතයක් ජංගම දුරකථනයේ හෝ අයිපොඩ් උපකරණයේ ඇති ගීත ගබඩාවෙන් තෝරා වාදනය කිරීමේ සමත්ය.

උදාහරණයක් ලෙස ශෝකයෙන් හා සතුටින් සිටින වේලාවන් දෙකක් ගනිමු.ශෝකයෙන් සිටින වේලාවට මොළයෙන් තරංග ජනනය වන්නේ සතුටින් සිටින වේලාවට හාත්පසින්ම වෙනස් ආකාරයකටය.මේ වෙනස සංවේදක වලින් ලැඛෙන සංඥා ආධාරයෙන් හදුනාගැනීමට පෙරකී මෘදුකාංගය සමත්ය.අනතුරුව ගැලපෙන ගීතයක් තෝරා වාදනය කිරීමේ හැකියාවද ඊට ඇත.

දැනට තෝරාගත් ගීත කිහිපයකට මේ ක්‍රියාවලිය සීමා වුවත් ඉදිරියේදී සියලූ ආරයන් වලට අයත් ගීත වලට ගැලපෙන සේ මේ නිර්මාණය දියුණු කිරීමට නියුරොවෙයාර් සමාගමේ පර්යේෂකයන් බලාපොරොත්තුවෙන් සිටී.

 

 



අදහස් (0)

සිත අඳුනාගෙන ගීත ගයයි

ඇන්ටන් Sunday, 30 June 2013 06:16 PM

මට ලැජ්ජයි වගේ දෙයක් දැනුනොත්. මොන වගේ ගීතයක් වාදනය වෙයිද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

හීන් Monday, 01 July 2013 08:32 PM

කිරි කෝපි,කළු (බ්ලැක්) කෝපි ,බිත්තර කෝපි ගැන විතරයි මම නම් අහලා තියෙන්නේ. ජීවිතේ පළමු වතාවටයි... මේ ගල් කෝපි ගැන ඇහුවේ. බොන්න ආසාවේ බැහැ. අපිට නැති වුනත් පොලීසියේ මහත්වරු නම් මේ දිනවල , ගල් කෝපි ගහනවා ඇති හිටු කියලා.(නදී)

:       0       0

අමිල Monday, 01 July 2013 09:59 AM

ඇන්ටෝ..ලෑජ්ජා නෑද්ද මේ පාරේ අඩන්න.(නදී)

:       0       0

බණ්ඩාර කුවෛට් Monday, 01 July 2013 10:35 AM

අරාබියේ නම් ඉන්නේ බොහෝ සුන්දර ගැහැණු අය නිසා මේ වගේ උපකරණයක් ගන්න ලැජ්ජා වගේ හිතෙනවා ඇති. මොකද මම අසන සිංදුව මොනවිදිහට හෝ මගේ නෝනගේ සවන් වැදුනොත් ....මොන වගේ ප්‍රතිචාරයක් වේවිද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 690 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site